ඒ. එම්. රවිඳු ප්‍රසන්නජිත් මෙලොව උපත ලබන්නේ 2007 අගෝස්‌තු 5 වැනිදාය. ඒ. එම්. ජයතිලක සහ ඇන්ජලින් පෙරේරා යන දෙපළට දාව පවුලේ දෙවැනියා ලෙස ඇඹිලිපිටිය රෝහලේදී උපත ලද මෙම දරුවා හොඳ නිරෝගී දරුවකු ලෙස සති තුනක් පමණ කල්ගත කෙළේය. පසුව රෝගී විය. ලස්‌සනට හොඳට සිටි මේ දරුවාගේ පළමුව ඔළුවේ බරගතියක් පැමිණ ඇත. නාසයද තද විය. ඒ අනුව රෝහල් ගත කෙරිණි. උණ වැළඳී ඇත. මාසයක් වයස වන විට මේ දරුවාට ෆිට් එක නමින් සමාජයේ හඳුන්වන රෝගය වැළඳුණි. මේ රෝගය ඉතා තදින් හැදී එන්න එන්න දරුවාගේ ශරීරය වෙනස්‌වීමට පටන් ගත්තේය.
ලස්‌සනට හිටි දරුවාගේ ඔලුව ලොකු විය. ස්‌කෑන් පරීක්‍ෂණයක් මේ සඳහා සිදුකර ඇත. එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔලුවේ වතුර පිරී ඇති බවයි. වෛද්‍යවරු දරුවාට බොහෝ ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇත. අපස්‌මාර රෝගය (µsට් එක) ඉතා දරුණුවට එන නිසා දැන් ඔහු පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට නොහැකි බව දරුවාගේ මව වන ඇන්ජලින් පෙරේරා මහත්මිය හැඬූQ කඳුළින් අප වෙත පැවසුවාය. අප සමග වැඩිදුරටත් අදහස් දැක්‌වූ දරුවාගේ මව.
මගේ පුතාට කෑම කන්න අමාරුයි. ඔහුට දෙන්නේ ලැක්‌ටෝජන් සහ සෙරිලැක් යන වර්ග දෙක පමණයි. අපිට ඉන්න ස්‌ථිර තැනක් නැහැ. මේ දරුවා තබාගෙන ඉන්න මේ නිවසත් කුලියට ගෙනයි ඉන්නේ. අපි මුලදී සිටියේ උඩවලව ප්‍රදේශයේ. එහෙත් ස්‌ථිර තැනක් තිබුණේ නැහැ. මේ නිසා අපි හම්බන්තොටට ආවා. ඒ වසර තුනකට පමණ ඉහතදී. එදා සිට අද වෙන තෙක් කුලියට කිහිප තැනක සිටියා. අපිට නිවාස කුලී ගෙවන්නයි දරුවාගේ බෙහෙත් සහ කෑම වලටයි විශාල වියදමක් යනවා. මේ නිසා අපිට නිවසක් රජයෙන් හෝ වෙනත් පරිත්‍යාගශීලියකු ගෙන් ලැබෙනවා නම් ලොකු පිනක්. එවිට අපිට වියදම යන්නේ දරුවාගේ බෙහෙත් සහ කෑම වලට පමණයි. මගේ මහත්තයා උඩවලට ප්‍රදේශයේ ගරාජයක කුලියට වැඩකරනවා. ලොකු පුතා ඔහු සමග ඒ ගරාජයේ තමයි ඉන්නේ. ඒ අයට නිතර එන්න අමාරුයි. වියදම වැඩි නිසා. ටිකක් හම්බ කරගෙන ඇවිත් දරුවා බලා යනවා. අපි මේ පත්ව තිබෙන අසරණ තත්ත්වය රජයේ නිලධාරීන් කිහිප දෙනකුට කීවා. නමුත් පිළිසරණක් වුණේ නැහැ. මේ ලෙඩවූ දරුවාට දැන් ඇස් පේන්නෙත් නෑ. කතා කරන්නත් අමාරුයි. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ රජයේ වගකිවයුතු අය හා පරිත්‍යාගශීලීන් අපිට පිහිට වෙන්න කියලා යෑයි කීවාය.
දැනට මෙම දරුවා සහ මව පදිංචිව සිටින්නේ හම්බන්තොට සිරිබෝපුර සුචි ගම්මානයේ ඊ 05 අංක දරන නිවසේය. එම ලිපිනයට හෝ 0772335382 දරන ජංගම දුරකථනයට දරුවාගේ මව වන ඇන්ජලින් පෙරේරා මහත්මිය අමතා පරිත්‍යාගශීලීන්ට දරුවාගේ බෙහෙත් හා කෑම සඳහා වන වියදමට සහ නිවසක් ලබා ගැනීමට උපකාර කළ හැකිය.
මේ දරුවාගේ ඔළුවේ පිරෙන වතුර සැත්කමක් සිදුකර මුත්‍රා මාර්ගයෙන් යෑවීමට දැනට කටයුතු කර ඇත. ලබන අගෝස්‌තු 15 වැනිදා අට වැනි වසරට පා තබන මෙම දරුවා එම වයසේ දරුවන්ට හිමිවන ශරීරයත් අධ්‍යාපනයත් මෙලොව නිසි පරිදි දැකීමත් නැතිව ජීවත්වීම තුළ පවුලේ සියලු දෙනාද අසරණ තත්ත්වයට පත්ව ඇත. මෙවැනි අසරණ අයට පිහිටවීමද පිංකමකි.