ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තාත්තාට මරණීය තර්ජන කරති 

බබාට වයස අවුරුදු හතරයි 

හය හැවිරිදි අක්‌කාගේ සිරුරේත් පිහි පහර

මීගලෑව, හුණුපොළගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගේ නිවසට පෙරේදා (28) රාත්‍රි මුහුණු ආවරණය කර හිස්‌ වැසුම් හා ජැකට්‌ පැළඳ යතුරුපැදි දෙකකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයන් සිව් දෙනකු විසින් එම ව්‍යාපාරිකයාගේ සිව් හැවිරිදි පුත්‍රයා පැහැරගෙන ගොස්‌ ඇත.

පෙරේදා රාත්‍රි 7.45 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකොට ඇති බව මීගලෑව පොලිසිය පවසයි. මෙලෙස පැහැරගෙන ගොස්‌ ඇත්තේ කවිඳු සේනානායක නමැති දරුවෙකි.

දරුවා පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් ව්‍යාපාරිකයාගේ නම කියා ඔහු හමුවීමට අවශ්‍ය බව පවසා ඇත.

ව්‍යාපාරිකයා ඔවුන් හමුවීමට නිවසින් එළියට පැමිණීමත් සමගම ඔහුගේ බිරිඳ විසින් බත් කවමින් සිටි දරුවාද පියා පසුපස පැමිණ ඇත.

එම අවස්‌ථාවේ එක්‌ අයකු වහා ඉදිරියට පැන සිව් හැවිරිදි දරුවා රැගෙන යතුරුපැදිය දෙසට පලා යැමට උත්සාහ කරන විට කලබල වූ ව්‍යාපාරිකයා ඔහුගෙන් දරුවා උදුරා ගැනීමට උත්සාහ කර තිබේ.

එහිදී මේ සිව්දෙනා අතර සිටි පුද්ගලයකු ව්‍යාපාරිකයාගේ ගෙලට තියුණු ආයුධයක්‌ තබා සුළු තුවාල සිදුකොට මරණ බවට තර්ජනය කරමින් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ කොට තිබේ.

එම අවස්‌ථාවේදී පැහැරගෙන ගිය දරුවාගේ සය හැවිරිදි වැඩිමල් සහෝදරියද තම මල්ලී රැගෙන නොයන ලෙස ඉල්ලා හඬා වැළපෙමින් දරුවා පැහැරගෙන යැමට පැමිණි පුද්ගලයන්ගේ ඇඟේ එල්ලී ඇත.

තියුණු ආයුධයක්‌ අතැතිව සිටි එම පුද්ගලයා දැරියගේද උදරය ප්‍රදේශය කපා තුවාල සිදුකොට පැත්තකට තල්ලුකර දමා ඇත.

අනතුරුව එම පුද්ලයන් සිව් දෙනා සිව් හැවිරිදි දරුවා රැගෙන යතුරුපැදිවලින් පලාගොස්‌ ඇතැයි පොලිසිය පවසයි.

එම දරුවා කප්පම් ලබා ගැනීමට පැහැරගෙන ගිය බවට කිසිදු තොරතුරක්‌ මෙතෙක්‌ අනාවරණය වී නොමැති බව මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන මීගලෑව පොලිසිය පවසයි.

පැහැරගෙන යන ලද එම දරුවා හෝ ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන යම් තොරතුරක්‌ දන්නා අයෙක්‌ වේ නම් ළඟම පිහිටි පොලිස්‌ ස්‌ථානයට හෝ තම පොලිස්‌ ස්‌ථානයට දැනුම් දෙන්නැයි මීගලෑව පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්