ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරඟ තහනමකට ලක් වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ලබා දී ඇති වාර්තාව අධ්‍යයනය කොට ඔහුගේ ඉරියව්ව නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පුහුණුකරුවන්ට උපදෙස් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග පැවසීය.
පසුගිය මැයි මාසයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් පිටියේ පැවති තරඟයේ පන්දු යැවීම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියවුව නීති විරෝධී යයි තීන්දු කෙරුණු බවයි, ජගත් පාලක මණ්ඩලය පවසන්නේ.

නිවැරදි පියවර

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ගත් එම තීරණයට අනුකූලව කටයුතු කරන නමුත් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් ගත හැකි නිවැරදි පියවර ගෙන හැකි ඉක්මනින් සචිත්‍ර සේනානායක නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යොමු කරන බවද නිශාන්ත රණතුංග පැවසීය.
බ්‍රිතාන්‍යයේ පැවති තරගාවලියේ දී ඉතා ඉහළින් දස්කම් දැක් වූ සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියවුව සැක සහිත බව ඉයන් ගෞල්ඩ් සහ මරායිස් එරස්මස් විනිශ්චයකරුවන් වාර්තා කොට තිබුණි.
පසුගිය වසර දෙකක කාලය තුල සැකයක අංශු මාත්‍රයකදු නොමැතිව අන්තර්ජාතික ක්‍රිකට් තරඟ රැසක ක්‍රීඩා කර ඇති බව පවසමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සචිත්‍ර වෙනුවෙන් පෙනී සිටියේය.
එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණයට අභියෝග නොකරන බවයි, ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
එක් දින ජාත්‍යන්තර තරඟ තිස් නවයකට සහභාගි වී ඇති සචිත්‍ර සේනානායක කඩුලු හතළිහක් රැස් කොට තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්