ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

දකුණු අප්‍රිකාව සහ පාකිස්‌තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්‌ට්‌ තරගාවලියෙන් පසුව තමන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා වෙත ලිපියක්‌ යොමු කර ඇති මහේල ජයවර්ධන, ඉදීරියේදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාව සහ පාකිස්‌තානය අතර ටෙස්‌ට්‌ තරගවලින් පසු තමන් එම තරග අංශයෙන් සමුගැනීමට තීරණය කළ බව දැනුම් දී තිබේ.

මෙහිදී වැඩිදුරටත් සිය ලිපියෙන් අදහස්‌ දක්‌වා ඇති මහේල, 'වසර 18 ක්‌ තිස්‌සේ මගේ රට නියෝජනය කිරීමට ලැබීම මහත් භාග්‍යයක්‌. එයට සමුදීම ලෙහෙසු පහසු තීරණයක්‌ නොවෙයි. ඒත් මම විශ්වාස කරනවා මේ ඒ සඳහා වන සුදුසුකම කාලයයි කියලා'
ශ්‍රී ලංකාව මෙහෙයවන ලද නායකයන් අතුරින් වැඩිම ජයග්‍රාහී ප්‍රතිශතයක්‌ හිමි නායකයා බවට පත්ව සිටින මහේල, ටෙස්‌ට්‌ අංශයෙන් සමුගත්තද එක්‌දීන තරග අංශයෙන් ඉදීරියටත් ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

මේ වන විටත් 37 වැනි වියේ පසුවන මහේල ලසිත් මාලිංගගේ නායකත්වයෙ යටතේ ශ්‍රී ලංකාව දීනාගත් විස්‌සයි/20 ලෝක ශූරතා අවසන් මහ තරගයෙන් පසු විස්‌සයි/20 තරග අංශයටද සමුදුන්නේය. 1997 වසරේදී ඉන්දීයාවට එරෙහිව ටෙස්‌ට්‌ වරම් ලද මහේල එම තරගයේදී ලකුණු 66 ක්‌ වාර්තා කිරීමට සමත්විය. එතැන් පටන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 145 කට සහභාගිවී ඇති මහේල එහිදී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50.18 ක්‌ වශයෙන් රඳා තබා ගනිමිනු මුලු ලකුණු 11,439 ක්‌ රැස්‌කරගෙන සිටින අතර එයට ශතක 33 ක්‌ සහ අර්ධ ශතක 48 ක්‌ ඇතුළත් වේ. එක්‌දීන තරග 420 කට සහභාගිවී ඇති මහේල ශතක 16 ක්‌ සහ අර්ධ ශතක 72 ක්‌ සමගින් මුලු ලකුණු 11,681 ක්‌ රැස්‌කරගෙන සිටියි. එම අංශයේදී මහේල රැකගෙන තිබෙන උඩ පන්දු සංඛ්‍යාව 204 ක්‌ වන අතර එය එක්‌දීන තරග අංශයේ ක්‍රීඩකයෙකු රැකගෙන සිටින වැඩිම උඩ පන්දු සංඛ්‍යාව ලෙසද සටහන් වේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්