මේ රට සිංහලයින්ට හා බෞද්ධයින්ට පමණක් උරුම රටක් බව තමන් පිළිනොගන්නා බවත්, අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සාමයෙන් ජීවත් වීමේ උරුමය රටේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම ලැබිය යුතු බවත් පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ පවසති.
කටකතා වලට නොරැවටී සාමය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන මෙන් තමන් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අද (17) ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් පිරිස් රටේ සාමය, සංහිදියාව නැති කිරීම සඳහා උත්සහ කරමින් සිටින බවත්, එම උත්සහයන් වල අලුත්ම ප්‍රතිඵලය පසුගිය දිනක අලුත්ගම ප්‍රදේශයේදී දුටු බවත්, එහිදී වජිර හිමි කීවේය.
ජාතිවාදය, ආගම්වාදය යන ක්‍රියාවලින් සිදු වු හානී අවුරුදු 30ක කාලයක් තිස්සේ මෙරටේ ජනතාව අත්විඳි බවත්, "වෛරයෙන් වෛරය නොසන්සිදේ" යන බුද්ධ වචනය තේරුම් ගෙන කටයුතු කරන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන් සේ එම අවස්ථාවේදී අවධාරණය කර සිටියේය.
කවුරුන් වැරදී සිදු කළද එම වැරැද්දට නිසි දඬුවම් රජය විසින් ලබා දිය යුතු බවද පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී කිවේය.
පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානය සම සභාපති ධූරය දරණු ලබයි.