වටරැක හිමියන්ගේ අඳනයක් සොයා ගනී
පහරත් දීලා
පහරත් දීලා
මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ නායක වටරැක විජිත හිමියන් අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා ඇතැයි පොලීසිය කියයි.
වටරැක හිමියන්ගේ හැදුනුම්පත එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත.
ඒ හිමියන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවත් කට උත්තරයක් ගැනීමේ තත්වයක් නැති බවත් පොලීසිය කියයි.

වටරැක විජිත හිමියන් දමා ගිය ස්ථානයට මදක් නුදුරින් ඒ හිමියන්ගේ අඳනයක් සොයා ගත් බව පොලීසිය පවසයි.
සිවුරකින් ඉරා ගත් සිවුරු කඩකින් ඒ හිමියන්ගේ අත් පා බැඳ තිබූ බව බණ්ඩාරගම කිඳෙල්පිටිය පාරේ හිරණ බොල්ගොඩ ගඟ අසල ඒ හිමියන් දමා ගොස් සිටියදී දුටු රියදුරෙකු පොලීසියට ඒ බව දන්වා ඇතැයිද දැනගන්නට ඇත.
මුනින් අතට වැටී සිටි ඒ හිමියන්ගේ කකුලක් සෙළවෙනු ඔහු දැක ඇත.
වටරැක හිමියන්ට පහර දී ඇති බව පොලීසිය කියයි.