මේ රටේ අධිකරණ අමාත්‍යවරයා ලෙස අලුත්ගම-බේරුවල ප්‍රදේශවල ඇතිවූ තත්ත්වය පිළිබඳ තමන් අතිශයින් ලජ්ජාවට පත්වන බව අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.
තමන්ගේ ජනතාවට අවම ආරක්ෂාව හෝ සැලසීමට නොහැකිවීම ගැන තමන් අතිශය කම්පාවට හා කනගාටුවට පත්වන බවද අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය.
විශ්ව විද්‍යාල සිසුන්ට,වෘත්තීය සංගම් නායකයින්ට විරෝධතාවක් පවත්වන්නට ඉඩ නොදී අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගන්නා පොලීසිය දින කිහිපයක සිට මෙවැනි වාතාවරණයක් ඇති කිරීම සඳහා බොදුබල සේනා හා සිහළ රාවය වැනි සංවිධාන ක්‍රියාකරද්දී ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් නොගැනීම බරපතළ සැකයක් මතුවන කාරණයක් බව හකීම් මහතා සඳහන් කළේය.
ඒ නිසාම මෙවැනි ඛේදවාචකයක් පූර්වයෙන් වළක්වා නොගැනීම ගැන ජනතාව විසින් එල්ල කරනු ලබන චෝදනාව සත්‍යයක් බවත්, එය පිළිගත යුතුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවාසනාවන්ත සිදුවීම ගැන ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්, මීට පෙරාතුවද ඒ ආකාරයෙන් ක්‍රියා කළ බවත්, රජයේ ඇමතිවරුන් ලෙස මෙවැනි සිදුවීම් දෙස නිහඬව බලා සිටිය නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙම සිදුවීම දැඩි ලෙස හෙළාදකින බවත්, තව දුරටත් රජය තුළ සිටිමින් බලපෑම් කිරීමට හැකියාවක් ඇතිද යන්න හා ඉදිරියට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ අද (16) සවස රැස්වන තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණෙන බවද හකීම් අමාත්‍යවරයා කියා සිටියේය.
මෙවැනි සිදුවීම්වලට අදාළව වගකිව යුතු අය පොලීසියට බාරදීමට පවා මෙම ත්‍රස්තවාදී සංවිධාන පෙළපාලි මගින් පොලීසියට පැමිණෙන බවත්, ඒ එන අතරමග පවා මුස්ලිම් කඩසාප්පු වලට පහරදෙමින් ඒවා කොල්ලකමින් එන බවට මේ මොහොතේත් තොරතුරු ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළ රජයකට මෙවැනි ත්‍රස්තවාදී සංවිධාන පරාජය කළ නොහැක්කේ මන්ද යන ප්‍රශ්නය මතුවන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ඇමතිවරයෙකු ලෙස තමන් අතිශය ලජ්ජාවට පත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.