ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අඩි පහ හමාරක් විතර උස ජනේලෙකින් පැනලා මහ කැ‍ලේ මැදින් දුවගෙන සෝමාලියානු ගමකට ආවා. ආපහු එන්න ලැබුණු එක ගැන සතුටුයි යැයි සෝමාලියානු කැරලිකරුවන්ගෙන් බේරී වසර තුන හමාරකට පසු ශ්‍රී ලංකාවට පැමිණි නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (13) පැවසීය.
මීගමුව මුන්නක්කරයේ පදිංචි නිරෝෂන් පෙරේරා සහ කොළඹ වැල්ලම්පිටියේ පදිංචි 61 හැවිරිදි මොහොමඩ් ඉස්තමී යන දෙදෙනා මෙසේ දිවි බේරාගෙන පැමිණ තිබේ.කෙන්යාවේ නයිරෝබි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ නියෝජිතයන් විසින් මොවුන් දෙදෙනා භාරගෙන කටාර් හරහා   මෙරටට එවනු ලැබිය.

මෙරටට පැමිණි නිරොෂන් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ “ප්‍රාණ ඇපකරුවන් ලෙස අපි එකොළොස්දෙනෙක් හිරකරගෙන හිටියා. ම අනිත් දහදෙනාට කිව්වා මෙහෙම හිටියොත් මැරෙනවා. ඒ නිසා මැරුණත් කමක් නෑ මෙතනින් පැනලා යමු කියලා. අපි කතා කරගෙන අඩි 5 1/2 ක් විතර උස ජනේලෙකින් පැනලා මහ කැ‍ලේ මැදින් දුවගෙන සෝමාලියානු ගමකට ආවා. අවුරුදු තුනහමාරකට පසු අපි ආවේ. ආපහු එන්න ලැබුණු එක ගැන සතුටුයි. 


මොහොමඩ් ඉස්තමී මහතා
අපිව සිරකරගෙන සිට කඳුවුරේ මුරට මුහුදු කොල්ලකරුවන් 10 දෙනෙක් හිටියා. අපි ඔවුන්ට නින්ද යන්න නිදි පෙති දුන්නා. ඒත් ඔවුන් ගංජා වැනි කොළ වගයක් කෑවා. එතකොට ඔවුන්ට නින්ද යන්නේ නැතිලු. මෙම රැඳවුම් කඳවුරේ මුරට සිට සෝමාලියානු කොල්ලකරුවන් කිහිපදෙනෙක් අපිත් එක්ක හිතවත් වුණා. ඔවුන්ට අපි කිව්වා අපිව බේරගන්න කියලා. ඔවුන් අපි නොදන්නා සංවිධානයකට මේ බව දන්වලා ඔවුන්ගෙන් ඩොලර් ලක්ෂ 02 ක් අරගෙන. ඒ අනුව සැලසුම් කරලයි අපිට බේරෙන්න පුළුවන් වුණේ.

දිවි බේරාගත් මෙම 11 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් දෙකක් ද බංග්ලාදේශයේ 7 ක්, ඉන්දියාවේ හා ඉරානයේ පුද්ගලයින් එක් අයකු බැගින්ද වූහ. මීගමුවේ මුන්නක්කරයේ පදිංචි නිරෝෂන් මහතා එම ගම්මානයේ කතෝලික බැතිමතුන් වසින් රතිඤ්ඤා පත්තු කර පිළිගත් අතර ඔහු වෙනුවෙන් එම ගම්මානයේ ශාන්ත නිකුලස් මුනිඳුන්ට කැප කළ දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් ද පැවැත්විණි.

මොවුන් දෙදෙනා පිළිගැනීමට දෙපාර්ශ්වයේ ඥාතීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වී මොවුන් මෙරටට ගෙන්වා ගත්හ.
රංජිත් ෆර්ඩිනැන්ඩස් - ගුවන් තොටුපළ

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්