ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

එංගලන්තය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 100ක තියුණු ජයක් හිමි විය.
ඒ, තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී එංගලන්ත අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් දැවී යාමත් සමග ය.
මෙම තරගය ජය පරාජයෙන් තොරව නිම කිරීමට එංගලන්තයේ මොයීන් අලි සහ අවසන් පිතිකරු ජේම්ස් ඇන්ඩර්සන් ඉමහත් වෙහෙසක් දැරූහ.
අද දිනයේදී සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ මොයීන් අලි ලකුණු 108ක් රැස් කළේ, පන්දු 287කට මුහුණ දෙමිනි.
මෙම ඉනිමේ සුවිශේෂී සිදුවීම වූයේ, අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි ජේම්ස් ඇන්ඩර්සන්ගේ විශිෂ්ට ඉනිම ය.
ඔහු පන්දු 55කට මුහුණ දෙමින් සිය කඩුල්ල ආරක්ෂා කරගෙන මොයීන් අලීට සහය වූයේ, කිසිදු ලකුණක් ලබා නොගනිමිනි.
කෙසේ වෙතත්, තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී අවාසනාවන්ත ලෙස රංගන හේරත් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් ජේම්ස් ඇන්ඩර්සන් දැවී ගියේ ය.
මෙහිදී ධම්මික ප්‍රසාද් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.
තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි විය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්