ඇමරිකාවේ 25 හැවිරිදි ගබ්සා උපදේශකවරියක් විසින් තමන් ගබ්සා සැත්කමකට ලක්වීම දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇතැයි වාර්තා වේ.එමිලි ලෙට්ස් නම් ඇය නිව් ජර්ස්හි චෙරි හිල් කාන්තා මධ්‍යස්ථානයේ සේවය කරන අතර ගබ්සාව පිළිබඳ අපකීර්තිමත් අදහස් වෙනස් කිරීම සඳහා තමන් විසින් මෙම පියවර ගන්නා ලද බව ඇය පවසා තිබේ.
ලිංගික උපදේශිකාවක් වුවත් ඇය උපත් පාලන ක‍්‍ර‍්‍රම භාවිතා නොකර ලිංගිකව හැසිරීමේදී මෙලෙස අනපේක්ෂිත ගැබ් ගැනීමක් සිදුව ඇත.
එමිලි ලෙට්ස් පවසන්නේ ගර්භණී සමයේ පළමු තෙමස තුළ සිටි නිසා අවශ්‍ය වූවානම් ඖෂධයක් පානය කිරීමෙන් ගබ්සාව සිදුකරගත හැකිව තිබූ බවයි.
කෙසේවෙතත් ගබ්සා සැත්කම යනු බියවන්නට අවශ්‍ය දෙයක් නොව බව තම පාරිභෝගිකයන්ට විශ්වාසය සැකසීම සඳහා ඇය මේ පියවර ගෙන තිබේ.
විනාඩි 3ක වීඩියෝව තුළ දැක්වෙන ආකාරයට ඇය සැත්කම සඳහා අවදියෙන් සිට මුහුණදී ඇති අතර සිරුරේ පහළ කොටස නිර්වින්දනය කර තිබූ බව පැවසේ.
සැත්කමෙන් මසකට පසු ඇය පවසා ඇත්තේ ගබ්සාව පිලිබඳව තමන්ට කිසිදු දුකක් හෝ ළතැවිල්ලක් නැති බවයි. තමන් වෙනුවෙන් නිවැරදි තීරණය ගත් බවද ලෙට්ස් විසින් පවසා තිබේ.
මෙම වීඩියෝව 36000 වාරයක් නරඹා ඇති අතර මාර්තු 14දින යූටියුබ් වෙ.ත එක්කර ඇති එය පිලිබඳ අදහස් දැක්වීම අවුරා තිබේ.
තම ක‍්‍රියාමාර්ගය විවේචනය කරන මෙන්ම එය අනුමත කරන බොහෝ දෙනෙක් තමන්ට හමුවූ බව එමිලි ලෙට්ස් පවසා තිබේ.