පෑලියගොඩ නාගරික මන්ත‍්‍රී ශමිල සඳරුවන්ගේ ඝාතනයට අදාළව පුද්ගලයන් 18 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසනවා. ඝාතකයන් හඳුනාගැනීම සඳහා නවතම විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබෙනවා.
නුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දළුගම හන්දිය ආසන්නයේදී මෙම ඝාතනය සිදුවුණේ ඊයේ පෙරවරු 11.30ට පමණයි. නාගරික මන්ත‍්‍රී ශමිල සඳරුවන් ගමන් ගත් මෝටර් රථය පිටුපසින් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පළමුව යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමට සළස්වා පසුව ඔහුට වෙඩි තබා පළාගොස් තිබුණා. වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නාගරික මන්ත‍්‍රිවරයා එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු සමග මෝටර් රථයේ සිටි මිතුරෙකු බරපතල තුවාල ලැබුවා. තම පුතුගේ ඝාතකයන් ඉදිරියේදී හෙළි කරන බවයි ඝාතනයට ලක්වූ නාගරික මන්ත‍්‍රී ශමිල සඳරුවන්ගේ මව සඳහන් කළේ.

.jpg)