ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

දරුවන් හදාවඩා ගැනීමට දස අතට වූ ණය ගෙවා ගැනීමට නොහැකිව සිටි තිදරු මවක් ණයකරුවන්, ගෙහිමියා සොයා නිවෙසට ඒම නිසා සිත් වේදනාවට පත්ව ඊයේ දහවල් මාතර නිල්වලා ගඟ පාලම අසලින් ගඟට පැන දිවිනසා ගෙන ඇතඵඵඵ. පොලිස් මාධ්‍ය ඒකකය පැවැසුවේ 12දා දහවල් 11.30ට පමණ මෙසේ නිල්වලා ගඟට පැන ඇත්තේ නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි මදුරප්පෙරුම ආරච්චිගේ ක්‍රිෂ්ණා මාග්‍රට් නමැති 41 හැවිරිදි පිරිමි දරුවන් තිදෙනකුගේ මවක් බවයි.

සිය ස්වාමිපුරුෂයා විසින් ලබාගත් ණය මුදලක් නොගෙවීම නිසා ණයකරුවන් ගෙදරට ඒමෙන් අඹු-සැමියන් අතර නිතර නිතර ආරවුල් ඇතිවීම නිසා මේ මව 12දා දහවල් මාතර බලා යන බව දන්වා බස් රියක නැඟ එද්දී ඒ පිළිබඳ ඇගේ 14 හැවිරිදි පිරිමි දරුවාට සැක මතුවී තිබේ.

ඒ අනුව එම දරුවා ත්‍රිරෝද රථයක් රැගෙන මව ගිය ගමන් මඟේ බස් රිය ලුහුබැඳ පැමිණ ඇති නමුදු ඇය ඒ වන විට නිල්වලා ගඟට පැන තිබූ බව ඔහුට දැනගන්නට ලැබී ඇති බව පොලිසිය පැවැසීය.
නිල්වලා ගඟේ පාලම අසල තිබූ අත් බෑගයෙන් එය සිය මවගේ බව පුතා විසින් හඳුනාගෙන ඇති බවද පොලිසිය සඳහන් කෙළේය.


ගඟට පැන ඇති තුන්දරු මව සෙවීම සඳහා පොලිසිය, නාවික හමුදා කිමිඳුම්කරුවන් කැඳවා තිබිණි.

මවට දාව වයස 14, 10 සහ අවුරුදු 5ක පිරිමි දරුවන් තිදෙනකු සිටින බවද පොලිසිය පැවැසීය.
එම මව නාකුළුගමුව ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක සේවය කරන කාන්තාවක් බව අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කෙළේය.
ණය ගෙවා ගැනීමට අපොහොසත්ව පවුලේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇතිවූ සිත් තැවුලක් නිසා සියදිවි හානි කරගැනීමට මෙසේ ගඟට පනින්නට ඇතැයි සැක කෙරේ. මාතර පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
නිල්වලා ගඟට පැන තිබූ තිදරු මවගේ මළ සිරුර 12දා සවස 1.30ට පමණ යුද හමුදාව විසින් ගොඩගෙන තිබූ බව පොලිසිය පැවැසීය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්