මව්වරුන්ගේ දිනයේ දී ලද උතුම්ම සහ විස්මිත අපූර්වතම ත්‍යාගය ලැබීමට ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේ ජීවත්වන මවක් වාසනාවන්ත වුණා. එ් 32 හැවිරිදි තිස්සල්ස්වේට් මහත්මියට දාව උපදින විටම දෑත් එකිනෙක අල්වාගෙන පැමිණි නිවුන් සොයුරියන් දෙදෙනකුගේ මවවීමේ භාග්‍යය ලැබීමෙනි.
සිරුරේ විවිධ කොටස්වලින් බද්ධ වී උපදින නිවුන් දරුවන් ලොව ඕනෑතරම් වාර්තා වුණත් අතින් අල්ලාගෙන බද්ධ වී පැමිණි මෙම නිවුන් සොයුරියන් වෙනත් කිසිදු අයුරකින් සිරුරින් බද්ධ වී නොතිබීම විශේෂත්වයක්. කෙසේවෙතත් ඉතාම නිරෝගී මේ නිවුන් සොයුරියන් ජිලියන් සහ ජෙනා ලෙසින් නම් තබා තිබුණා. ඔවුන් සති 4කට ආසන්න කාලයක් රෝහලේ රැඳී සිටිමින් ‘අල්ලාගෙන’ සිටින අත් දෙක වෙන්කිරීමේ සැත්කමට මුහුණදිය යුතු බවට වෛද්‍යවරු උපදෙස් දී තිබෙනවා.