ඉබේ (eBay) සමාගමට අයත් පේපෑල් (PayPal) මුදල් හුවමාරු සේවාවේ සන්නාමය වෙනස් කර අලුත් සන්නාමයක් හඳුන්වාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙසේ පේපෑල් (PayPal) හට අලුත් සනානාමයක් හඳුන්වාදීමට හේතුවී ඇත්තේ එහි පැරනි සන්නාමයෙහි ඇති "P" අකුරේ හැඩය නිසා එය නවතා තැබීම (parking) යන සලකුණ සමඟ පැටලෙන බවට වූ සැකය නිසාය.
කෙසේවුවද නව සංන්නාම නාමය හඳුන්වාදෙන විට ලොව පුරා තිබෙන සක්‍රීය පේපෑල් (PayPal) ගිණුම් ගණන මිලියන 148 ක් බව ද වාර්තා වේ.
පේපෑල් (PayPal) හි පැවැති සන්නාමය හඳුන්වා දී ඇත්තේ 2007 වසරේදීය. මෙහි ආරම්භය සිදු වූයේ යැයි සැලැකෙන්නේ 1998 වසරේදීය.
එය ආරම්භ කරන අවස්ථාවේ උද්‍යෝග පාඨය වූයේ "Powering the People Economy" යන්නය.
වසර 2013 පේපෑල් (PayPal) කාර්යාවලිය තුළ ඩොලර් බිලියන 27ක ජංගම ගෙවුම් සිදුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. මේ වන විට පේපෑල් (PayPal) හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමේ සේවා ආරම්භ කිරීමට ද සැලැසුම් කර තිබේ.
මේ සඳහා දේශීය බැංකුවක් කටයුතු කරමින් සිටින බවද පසුගිය දිනවල වාර්තා විය.