ඊශානදිග ඇෆ්ගනීස්ථානයේ බදක්ෂාන්හි ඇතිවී ඇති දරුණු නායයාම හේතුවෙන් පුද්ගලයන් 350 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
2500ක පමණ පිරිසක් අතුරුදන් වී ඇතැයි එරට වාර්තා පවසයි. නිවාස 1000කට පමණ හානි සිදුවී ඇති අතර නිවාස 300ක් පමණ මුළුමනින්ම පස්කදුවලට යටවී විනාශ වී ඇත. එම ප‍්‍රදේශයට බලපා ඇති අයහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුරින් 150 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.