කැත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර් පෙම්වතුන් බව හෙළි කර ගත් පැපරාසි මාධ්‍ය ඔවුන් පසුපසම තව තවත් හඹා යන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට ඕනෑවටත් වඩා එඹිකම් කරමින්. මේ හේතූන් නිසාම ඔවුන්ට දැන් පෞද්ගලික ජීවිතයක් නොමැති තරම්ලු.පසුගියදාක ලැබුණු පැය දෙකක තුනක නිවාඩුවක් නිසා කැතී සහ රන්බීර් කන්ගනා රනෙයිතූ ප්‍රධාන චරිතය රඟන "රිවෝල්වර් රේන්" චිත්‍රපටය නරඹන්නට ගොස් තිබුණා. කෙසේ වෙතත් මේ අවස්‌ථාවත් පැපරාසි මාධ්‍ය විසින් කැමරාවට නතු කර ගැනීමට සමත් වුණා.
ඉන්පසුව ඉතාම මෑතකදී රන්බීර් කපූර් සමඟ හොඳ කාලයක් ගෙවා දැමීමට කැතීට නැවතත් අවස්‌ථාව ලැබුණා. අයිෆd සම්මාන උළෙල පැවැත්වීම නිසා ෆ්ලෝරිඩා බලා ගිය රිතික් නැවත පැමිණීමට නියමිතව ඇත්තේ මැයි මාසයේ පළමු සතියේ. මේ නිසා "බන්ග් බන්ග්" වල රූපගත කිරීම් අතර මැද නවතා දැමීමට සිදුවීමෙන් ලැබුණු නිවාඩුව රන්බීර් කපූර් සමඟ එක්‌වී ගෙවා දැමීමට සැලසුම් කළ කැතී පැපරාසි මාධ්‍යට වසන් වී රන්බීර්ගේ ළඟම මිත්‍රයෙක් වූ අයන් මුක්‌හීර්ගේ උදව් ඇතිව ඔහුගේ චිත්‍රපට දර්ශන තලයේදී හොඳ කාලයක් ගෙවා දමමින් සතුටු වූ බව ඔවුන් විසින්ම ට්‌විටර් වෙබ් අඩවියේ සටහන් කර තිබුණා.