ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රතු කට්‌ට පනින වේලාව කියන්නේ මොකෙන් මොකක්‌ ඊළඟට වෙයිද කියලා හිතාගන්න බැරි වෙලාවක්‌. එහෙම වෙලාවක්‌ ගැන අහගන්න මේ පාර අපි කතා කළේ අනුෂා දමයන්තිට.

මුහුණේ තිබෙන සියුමැලි බව තරහ ගිය වෙලාවට නැති වෙනවා ඇති නේද....

අනේ නැහැ.... ඇයි එහෙම අහන්නේ මට තරහ යන්නේම නැහැ.

කලා ක්‍ෂේත්‍රයේ අය තරම් තරහ යන අය වෙනත් ක්‍ෂේත්‍රවල නැති තරම් නේද...

සමහර වෙලාවට එහෙමත් ඇති. ඒත් මම නම් එහෙම නෙමෙයි. කවුරුවත් මට කේන්ති ගිහිල්ලා ඉන්නවා දැකලා නැතුව ඇති. මම ගොඩක්‌ ලෙංගතුව වැඩ කරනකොට අනික්‌ පැත්තෙන් ඒක නොසලකා හරිනවා නම් මට ටිකක්‌ කේන්ති යනවා. මම ඒ වෙලාවට මම ඒක ඒ අයට අවබෝධ කරලා දෙනවා. එහෙම පැහැදිලි කරලා දෙනවා මිසක්‌ කේන්ති ගිය වෙලාවට ගහගෙන තරහා අරගෙන කේන්තිය පිරිමහගන්න කෙනෙක්‌ නෙමෙයි මම.

සමහර නළු නිළියෝ තරහා වෙලා, ඒ ගැන ප්‍රසිද්ධ මාධ්‍යයෙන් පවා කතා කරනවා. එහෙම තරහකාරයෝ අනුෂටත් ඇති නේද....

මට අසාධාරණකම් වෙලා තියෙනවා. මට විරුද්ධව සමහරු කතා පතුරුවලත් තියෙනවා. ඒත් මම ඒ ගැන සැලුණේ නැහැ. මම කළේ තව තවත් කැපවෙලා උත්සාහවන්ත වෙන එක විතරයි. එහෙම තමයි මම ඒ අයට උත්තර දුන්නේ. ඒවාට කෑකෝ ගහලා, ඔයා මෙහෙම කිවුවාද, නැද්ද කියලා අහ අහ රණ්‌ඩු වෙන්න ගියේ නැහැ. නමුත් කරපු දේ තමුන් පිට යයි කියන එක තමයි එතැනදී මම විශ්වාස කළේ.

සමහර අධ්‍යක්‍ෂවරු ප්‍රධාන චරිතයට අනුෂ තෝරාගෙන පිටපත ගෙනල්ලා දීලා කියවන්නත් කියනවා. ඒත් රූගත කරනකොට ප්‍රධාන චරිතය රඟපාන්නේ වෙන කවුරු හරි. එතකොට නම් අනුෂාට කේන්ති යනවා ඇති නේද....?

අපෝ එහෙම දේවල් කොච්චර වෙලා ඇතිද? ඒත් මම කවදාවත් කෝල් එකක්‌ දීලාවත් ඒ ගැන අහලාවත් නැහැ. මම ඒ ගැන මාධ්‍යයට කියලා ප්‍රසිද්ධියේ රණ්‌ඩු වෙන්න ගියොත් ඒකෙන් වෙන්නේ කලා ක්‍ෂේත්‍රය ගැන ජනතාව කලකිරෙන එක. ඒක තමයි මගේ විදිහ.

සමහරුන්ගෙන් ලැබෙන නිර්නාමික ඇමතුම්, අයුතු යෝජනා නිළියන්ට බහුලයි. අනුෂාටත් එහෙම අත්දැකීම් ලැබෙන්නට ඇති. එතකොටවත් රතු කට්‌ට පනින්නේ නැද්ද....?

ඒක මට විතරක්‌ නෙමෙයි මුළු ක්‍ෂේත්‍රයටම තියෙන කරදරයක්‌. මුල් කාලයේ එහෙම ඒවා ගොඩක්‌ තිබුණා. ඒත් දැන් එතරම්ම ඒ වගේ කරදර නැහැ. මුල් කාලයේදී මට ටිකක්‌ ඒ ගැන කේන්ති ගියා. ඒත් දැන් මම ඒ ගැන අවබෝධ කරගෙනයි ඉන්නේ. සමාජයේ විවිධ පුද්ගලයෝ ඉන්නවා නේ. සමහරුන්ට එක එක අසනීප තියෙනවා. එහෙම අසනීප තියෙන අයට අපි බැණලා කේන්ති අරගෙන හරියන්නේ නැහැ. ඒ මනුස්‌සයාගේ කරුමයට හැදිලා තියෙන අසනීපයට බනින්න ගිහිල්ලා. මමත් පව් රැස්‌කර ගන්නවා. එයාට බනින්න ගියොත් මම මොකටද කේන්ති අරගෙන නිකං පව් පුරවගන්නේ.

මෙච්චර දෙයක්‌ දෙයියන්ගෙන් ලබාගත්ත මම මොකටද අසනීපකාරයෙක්‌ නිසා පව් සිද්ධ කරගන්නේ. දැන් නම් මම සමහරුන් එක්‌ක හොඳට කතාකරනවා. මොකක්‌ද ඔයා මේවා කියලා ගන්න සතුට කියලා. සමහර වෙලාවට මම කියලා තියෙනවා ඔයාට සනීප නැහැනේ. හා කමක්‌ නෑ... ඔයා මොනව හරි කියන්නකෝ.... කියලා. එහෙම කියලා මම ෆොaන් එක පැත්තකින් තියලා මගේ වැඩක්‌ කරගන්නවා.

 *  සාකච්ඡා කළේ - ඔසිත

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්