තමන්ගේ දරුවන්ට ඇති ආදරය සහ සෙනෙහස නිසාම ඕනෑම ප්‍රශ්නයක් අමතක කිරීමට සූදානම් වන දෙමාපියන් ඕනෑම කැප කිරීමක් දරුවන් වෙනුවෙන් කිරීමටත් පැකිලෙන්නේ නැහැ. කොතරම් ජනප්‍රිය වූවත් රිතික් සහ සුසෑන් ඛාන් යන දෙදෙනාත් එහෙමයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසේ 14 වැනිදා රිතික් සහ සුසෑන් වෙන්වීමට තීරණය කළ බව නිල වශයෙන් ප්‍රකාශ කළත් ඉන්පසුව අප්‍රේල් 30 වැනිදා එම වෙන්වීමට අදාළ නීතිමය පියවර ගත්තත් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් කරන ඕනෑම දෙයක දී දෙමාපියන් ලෙස එකට එක්‌ව සහභාගී වීම හොඳ ආදර්ශයක් ලෙස පෙන්වා දෙන්නත් පුළුවන්.
පසුගිය මැයි 01 වැනිදා බ්‍රහස්‌පතින්දා බාල පුතු ගේ උපන් දිනය වෙනුවෙන් රිතික් පුංචි පුංචි දේවල් කිහිපයක් සංවිධානය කර තිබුණා. පුතුන් දෙදෙනාම ස්‌පයිඩර් මෑන් අලුත්ම චිත්‍රපටය නැරඹීම සඳහා කැඳවා ගෙන ගිය ගමනට රිතික් සමඟ සුසෑන්ද එකතුවී තිබුණා. ඉන්පසුව රිතික් සූදානම් කළ මිනි බසයේ නැගී මේ පවුලේ සියලු දෙනාම සහ සුසැන්ගේ සහෝදරියගේ පවුලේ අය සහ සහෝදරා ලොනවාලා ත්‍රාසජනක උද්‍යානයට ගමන් කළා. මේ උද්‍යානයේ රිතික් තමන්ගේ බාල පුතු වෙනුවෙන් පුංචි උපන් දින සාදයක් සංවිධානය කර තිබුණා.
2011 වසරේ බොලිවුඩයේ "විශිෂ්ටතම ජෝඩුව" ලෙස තේරුණ මේ යුවළ නැවතත් පුතුගේ උපන් දින සාදයේදී එක්‌ව සිටිනු දැකීම කාගේත් සතුටට හේතුවක් වුණා.