පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැරගෙන එක් අයකු ඝාතනය කිරීමසැඟවූ අවි ආයුධ පෙන්වන්න යද්දී
පොලිසියත් සමඟ වෙඩි හුවමාරුවක්
කුරුණෑගල නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්‌තාපල්වරුන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඉන් එක් අයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් නිලධාරියාට කෲර වද හිංසා පැමිණවූ සංවිධානාත්මක කණ්‌ඩායමේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් ඊයේ (18 වැනිදා) අලුයම උඩුදුම්බර ප්‍රදේශයේදී මරුමුවට පත්විය.
තාරුක දිලාන් නමැති මෙම පුද්ගලයා උඩුදුම්බර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ අවි ආයුධ කිහිපයක් පෙන්වීමට රැගෙන යද්දී ටී 56 ගිනි අවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තිබේ.
ඒ අවස්‌ථාවේදී සිදු වූ වෙඩි හුවමාරුවේදී ප්‍රධාන සැකකරු මියගිය අතර පොලිස් නිලධාරීන් තිදෙනකුට ද තුවාල සිදුවී ඇත.
තුවාල ලැබූ නිලධාරීහු තිදෙනා උඩුදුම්බර රෝහලට ඇතුළත් කර සිටිති.
පොලිස් නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටිති.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු මාතර ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබී ඇති තොරතුරු අනුව ඔහු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වමින් සිටී.
මීට සති කිහිපයකට උඩදී මිනුවන්ගොඩ නගරයේ ස්‌වර්ණාභරණ වෙළෙඳසලකට කඩා වැදී රුපියල් කෝටි ගණනක් වටිනා ආභරණ කොල්ලකෑම, සීදුවේ කොමර්ෂල් බැංකුවට ඇතුළු වී එහි කළමනාකරුට පිහියෙන් ඇන මුදල් කොල්ලකෑම ඇතුළු මහා පරිමාණ කොල්ලකෑම් අටක් එම සංවිධානාත්මක කල්ලිය විසින් සිදුකර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි විය.
සංවිධානාත්මක කල්ලිය පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැරගෙන ගොස් ඇත්තේ කලින් කරන ලද සැලසුමකට නොවන බව ද හෙළි වී තිබේ.
කුරුණෑගල නගරයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට ඉකුත් 06 වැනිදා අලුයම මොවුන් යමින් සිටියදී ගැට්‌ටුවාන හන්දිය ප්‍රදේශයේදී තනිවම ගමන් කරන කාන්තාවක් දැක ඇත.
මොවුන් උත්සාහ කර ඇත්තේ එම කාන්තාව වෑන් රථයට දමාගෙන ගොස් දූෂණය කිරීමටය. එහෙත් ගැට්‌ටුවාන හන්දියේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා නිසා ඔවුන්ගේ සැලසුම ව්‍යර්ථ වී තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනා එම කාන්තාව සමඟ කතා බස් කර අමනාප වීS සිටි සැමියා ද ගෙන්වා ඔවුන් අතර පැවැති ආරවුල සමථයකට පත්කර පිටත්කර හරින ආකාරය සැකකරුවන් වෑන් රථයේ සිටිමින් බලා සිට ඇත.
පසුව මොවුන් පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැරගෙන ගොස් ඔවුන් නිරුවත් කර අමානුෂික වධ බන්ධනයට ලක්‌කර වැල්ලව ප්‍රදේශයේදී එක් නිලධාරියකු වෑන් රථයෙන් ඉවතට ඇද දමා වෙඩි තබා ඝාතනය කර තිබේ.
එහිදී අනෙක් නිලධාරියා තුවක්‌කුකරුවා හා පොරබදා සිය ජීවිතය බේරාගෙන පැන ගිය බව වාර්තා විය.
මෙම සිද්ධිය වන අවස්‌ථාවේ සංවිධානාත්මක කල්ලියේ සාමාජිකයන් සිව්දෙනාම අධික ලෙස බීමතින් සිට ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්‌ඩායම් අටක් පරීක්‍ෂණ පවත්වනු ලැබීය.
සැකකරුවන් මෙම අපරාධය සඳහා යොදාගත් වෑන් රථය කුලියට ලබාගත් ස්‌ථානයේ තිබී
තැරැව්කරුවන් කිහිපදෙනකුගෙන් ලබාගත් තොරතුරු ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය මාතර කැකණදුර ප්‍රදේශයේ සිටි සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී.
සිද්ධිය වූ දින වෑන් රථය පදවාගෙන ගොස් ඇත්තේ මෙම සැකකරු බව තහවුරු වී ඇත. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය.
මේ අතර මෙම කල්ලියේ ප්‍රධානියා තෙල්දෙණිය ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත මෙම ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
'ගූගල් තාක්‍ෂණය' අනුව සැකකරු ගමන් ගන්නා ස්‌ථානය සොයාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට වැටලීමක් කර ඇත. ප්‍රධාන සැකකරු සිය දියණියන් දෙදෙනා සහ බිරිඳ සමඟ යතුරුපැදියක යමින් සිටියදී ඔහු පසුපස පන්නාගෙන ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ.
එම අවස්‌ථාවේ පොලිස් නිලධාරියකු සමඟ සැකකරු පොර බදා ඇති අතර එම නිලධාරියා සතුව තිබූ ගිනි අවිය පත්තුවීමෙන් සැකකරුගේ අට හැවිරිදි දියණිය තුවාල ලබා ඇත. තුවාල ලැබූ දැරිය පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.
එම අවස්‌ථාවේදී ඔහු පවසා ඇත්තේ පොලිස් නිලධාරියා ඝාතනයට යොදාගත් ටී. 56 ගිනි අවිය සහ තවත් බෝaම්බ කිහිපයක් උඩුදුම්බර කැලෑ ප්‍රදේශයේ සඟවා තැබූ බවයි.
ඒ අනුව පොලිස් කණ්‌ඩායමක් සැකකරු ද සමඟ ඊයේ (18 වැනිදා) අලුයම අවි ආයුධ සෙවීමට ගොස් ඇත. ඒ අවස්‌ථාවේදී සැකකරු සඟවා තිබූ අවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ අතර පොලිසිය කළ වෙඩි තැබීමෙන් සැකකරු මියගොස් තිබේ. මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීහු තිදෙනෙක් තුවාල ලැබූහ. මීගමුව, අමරසේකර මාවතේ රහසිගත නිවස්‌නයක සැඟවී සිටිමින් එම සංවිධානාත්මක කල්ලිය දීර්ඝ කාලයක සිට මහා පරිමාණ කොල්ලකෑම් සිදුකර ඇති බව හෙළි වී ඇත.
කොල්ල කල්ලියෙන් දෙදෙනකු යුද හමුදාවෙන් පලා ගිය සෙබළුන් බව ද හෙළි වී තිබේ.
පොලිස් නිලධාරියා ඝාතනය කළ දින රාත්‍රි මොවුන් නාරම්මල සහ පේරාදෙණිය ප්‍රදේශයේ ඉන්ධනහල් කොල්ලකා ඇති බව ද අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැරගෙන ගොස් ගලවාගත් නිල ඇඳුම් දෙක මොවුන් විසින් මීගමුව රහස්‍ය නිවස්‌නයේදී පුළුස්‌සා දමා තිබිණි. ඒවායේ කොටස් ද පොලිසියට හමු වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ කොල්ලකරුවන් කුරුණෑගලදී පැහැරගත්තේ ඔවුන් සමඟ කලින් තිබූ ආරවුලක් නිසා නොවන බවයි.
ඔවුන් මෙම අපරාධය කර ඇත්තේ සමස්‌ත පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම පළිගැනීමේ ෙච්තනාවෙන් යෑයි ද එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.
සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ සිදුකෙරේ.