ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වෙසක් පෝය දිනට පසුදින (15දා) බේරුවල මග්ගොන ප්‍රදේශයේ නිවෙසක පැවැති සාදයකදී පුද්ගලයකුගේ කකුලක් පෑගුණැයි තරුණයකු එම ස්ථානයේදීම කපා කොටා මරාදමා ඇතැයි පයාගල පොලිසිය කියයි.

මග්ගොන මුණසිංහගොඩ ඇටහින්න ප්‍රදේශයේ පදිංචිව සිටි ගෝමරගේ ‍ෙදාන් තුසිත ප්‍රබෝධ ජයවර්ධන නමැති 27 හැවිරිදි තරුණයා මෙසේ මරණයට පත්ව ඇත. මුණසිංහගොඩ ප්‍රදේශයේ නිවෙසක දැරියක් වැඩිවිය පැමිණීම නිමිත්තෙන් එම නිවෙසේ පැවැති සාදයකදී විනෝද වෙමින් නටමින් සිටියදී මියගිය තරුණයාට තවත් අයකුගේ කකුලක් පෑගුණැයි කියමින් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මේ ගැටුම හටගෙන ඇතැයි පොලිසිය කියයි. බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට රැගෙන ආවත් ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීවේය. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පයාගල පොලිසිය කියයි.


මේ පිළිබඳ පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පසුගිය සතියේම පයාගලට ආසන්න මීගම ප්‍රදේශයේ නිවෙසක දැරියක් වැඩිවිය පැමිණීම නිමිත්තෙන් පැවැති සාදයකදී නටන්නට ගොස් ඇති වූ කතාබහක් දුරදිග යෑමෙන් පොලිස් නිලධාරියකු ඔහුගේ නිවෙස ඉදිරිපිටදී කැත්තකින් කපා කොටා මරාදමා තිබිණි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්