ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මෙම මාරක අනතුරින් මගේ ජිවිතය බේරුනේ පෙර කරන ලද පිනක් නිසාය කියා මට හිතෙනවා’ යැයි අහංගම කබලාන දුමිරිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුමිරියේ හැපීමෙන් තුවාල ලැබ ජීවිතය බේරාගත් එම මෝටර් රථය ධාවනය කළ වෛද්‍ය වී. පී. නදිකා නිශාමලී මහත්මිය බදාදා (21) අප සමඟ පැවසුවාය.තමන් මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකිම විස්තර කරමින් ඇය මෙසේද කිවාය. 

‘දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබුණේ නැති නිසා මම කාර් එක ඉදිරියට ධාවනය කළා. දුම්රිය හරස් මාර්ගය උඩට ඇවිත් දකුණු පැත්ත බලනවාත් සමගම ගාල්ල පැත්තේ සිට අධික වේගයෙන් දුමිරියක් එනවා දැක්කා. එවිට දුමිරියත් මගේ කාර් එකත් අතර අඩි දහයකට වඩා දුරක් තිබුණේ නැහැ. ඊට පසුව කුමක් වුණාද කියා දන්නෙ නැහැ. සිහිය එන විට මම අහංගම රෝහලේ සිටියා. 

මම මොනරාගල රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරනවා. සැමියා උදිත ජයසූරිය. මාස පහලොවක් වයස කුඩා පුතෙක් අපට ඉන්නවා. අම්බලන්ගොඩ තිබූ මළ ගෙදරක යෑමට අපි 17වැනිදා ගමේ ආවා. 18වැනි ඉරිදා දහවල් නැවත මොණරාගල යාමට සූදානමින් සිටියා.
නිවසට අවශ්‍ය බඩු ටිකක් ගෙන ඒමට ඉරිදා උදේ අටයි හතලිස් පහට පමණ මම ගෙදරින් පිටවුණා. මම තනියම මෝටර් රථය ධාවනය කර ගෙන ගියා. කබලාන පාර මට හොඳට පුරුදුයි .කබලාන දුම්රිය හරස් මාර්ගය විවෘත කර ඇති බව මම ඈතදීම දැක්කා. ඒ නිසා කිසිම සැකයක් නැතිව කාර් එක ධාවනය කළා. ඒ සමගම දුම්රිය හරස් පාර මතදී අනතුර සිදුවුණා. කරාපිටිය රෝහලේදී මට ඉක්මනට අවශ්‍ය ප්‍රතිකාර කළා. මට බරපතල තුවාල නැහැ. හිසේ තිබූ තුවාලයට මැහුම් ගසා බෙහෙත් දැම්මා. අත්වල සීරීමි තුවාල තියනවා. නමුත් දිගටම ප්‍රතිකාර ගන්න වෙනවා. 

මම ගෙදර පැමිණි පසු අනතුර සිදුවූ දුමිරිය හරස් ගේට්ටුවේ මුරකරු අපේ ගෙදරට ඇවිත් කණගාටුව ප්‍රකාශ කර සමාව ගත්තා. නමුත් මෙවැනි ස්ථානවල කවුරු රැකියාව කළත් එය වගකීමෙන් ඉටුකරන්න ඕන. ඒ වගේම මේ දුම්රිය හරස් ගේට්ටුව ළඟ ගාල්ල පැත්තේ විශාල වංගුවක් තියනවා. ඒ නිසා මහියංගන පාරේ වංගු දහ අටේ සවිකර ඇති උත්තල දර්පණ මෙවැනි තැන්වලත් සවිකිරීම ඉතා සුදුසුයි වෛද්‍ය නදීකා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්