ඊයේ රාත‍්‍රියේ තමන් වැඩ සිිටි විහාරස්ථානය ආසන්නයේ එල්ල වු වෙඩි ප‍්‍රහාරයක් හේතුවෙන් තමන් නොසන්සුන්තාවට පත්වු බව ජාතික බලසේනාවේ මහලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් පවසනවා.
මේ හේතුවෙන් ඊයේ රාත‍්‍රීයේ වනගතව රැය පහන් කළ බවයි උන්වහන්සේ නෙත් නිවුස් කළ විමසුමකදී කියා සිටියේ.
" මම වෙසක් පෝය දවසේ ඉදන් ඉන්නේ මහියංගණය පන්සලේ. ? 12ට විතර ලොකු වෙඩිල්ලක් පත්තු වුණා. පන්සලේ පිටිපස්සේ. ආරක්ෂාවට ඉන්නවනේ පොලිස් මහත්තුරු දෙන්නෙක්. ඒ දෙන්නත් එක්ක මාත් පිටිපස්සේ ගිහින් බලනකොට ලොකු ටෝච් ගහගෙන පන්සල පැත්තට කට්ටියක් එනවා. තව වෙඩි දෙකක් ආයෙත් පත්තු කළා ඒගොල්ලො. පස්සේ පොලිස් මහත්තුරු දෙන්නා ඒගොල්ලන්ට වෙඩි තිබ්බා. පස්සේ ටෝච් පත්තු කළ අය, වෙඩි පත්තු කළ අය කවුරුත් නැතුව ගියා. "
බියට පත්ව සිටි තමන් එලෙස රැය පහන් කළේ ගසක් උඩ බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
" පොලිස් මූලස්ථානයටයි, ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානයටයි ඒ වෙලාවෙම දැනුවත් කළා. පොලිස් කණ්ඩායම් ආවා. මං කැළේට රිංගුවා. පොලිීසියෙන් ආවට පස්සේ තමයි පන්සලට ආයේ අවේ. "
" ඔබ වහන්සේ ඒ වෙලාවේ ගහක් උඩද වැඩ හිටියේ ? "
" හිමි - ඔව් ...ආයෙත් නම් ඒ ගහට නගින්නේ නෑ. ආයේ කවදාවත්... මරබිය හින්දා නැග්ගා.... "
මෙය වනඅලීන් පලවා හැරීමට තැබු වෙඩි ප‍්‍රහාරයක් වන්නට ඇතැයි සැකකරන බවයි පොලිසිය පවසන්නේ. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණ පැවැත්වෙන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
