ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේදී, මිලියන 563ක පමණ ඡන්ද දායකයින්ගෙන් බහුතරය එරට අගමැති පුටුව භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩිට ලබාදුන් ප්‍රතිඵලයක් මේවන විට නිකුත්ව තිබේ.
ඒ පාලක කොංග්‍රස් පක්ෂයට ඉන්දීය මැතිවරණ ඉතිහාසයේ ලද දරුණුතම පරාජයද අත්කර දෙමිනි.
ඉන්දීය ලොක් සභාවට මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරාගැනීම සඳහා පැවති මෙම මැතිවරණයේදී මේ දක්වා ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 340කි.
කොංග්‍රස් පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 58ක් වන අතර සෙසු පක්ෂ විසින් හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 141ක් වේ.
මෙම මැතිවරණයට ඉදිරිපත් වී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 8251කි.
අද පෙරවරු අටේ සිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 989ක දී ආරම්භ කළ බව ඉන්දීය මැතිවරණ කොමිසම සඳහන් කළේය.
අප්‍රේල් 07 වන දින ආරම්භ වූ ඉන්දිය මහ මැතිවරණය මැයි මස 12 වැනි දින අවසන් විය.
කෙසේ වෙතත් මෙවර මැතිවරණයේ ජය ඉන්දීය විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට හිමිවනු ඇති බවට ජනමත සමීක්ෂණ වලින් අනාවරණය වී තිබුණි.
මේ අතර තමිල්නාඩුවේ ප්‍රාන්තයේ ආසන 37කින් 35කම ජය ජයලලිතාගේ ඒ.ඩී.එම්.කේ පක්ෂය විසින් දිනාගෙන ඇත.
ජයලලිතා තමිල්නාඩුවේ බහුතර බලයක් දිනා ගනු ලැබුවද මැතිවරණ ප්‍රතිඵලවලට අනූව භාරතීය ජනතා පක්ෂයට තනිවම රජයක් පිහිටුවීමේ වැඩි බලයක් හිමිව තිබේ.
මේ නිසා ඉන්දීය මහමැතිවරණයේදී තමිල්නාඩුව තීරණාත්මක සාධකයක් ලෙස සැලකුවද සන්ධාන රජයක් පිහිටුවීමට භාරතීය ජනතා පක්ෂයට අවශ්‍යතාවයක් නොමැති බව දේශපාලන විචාරකයින්ගේ මතය වේ.
ඉන්දීය මැතිවරණ ක්‍රියාදාමයට අනූව රජයක් පිහිටුවීමට මන්ත්‍රී ආසන 250ට වඩා එක් පක්ෂයක් ගැනීම ප්‍රමාණවත්ය.
මේ නිසා තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව රජයට කළ හැකි බලපෑම් ද හීනවී යනු ඇත.
එය වූ කලී ඉන්දීය නව රජයට හෙට්ටු කිරීමේ බලය ජයලලිතාට අහිමිවී යාමක් ලෙස ද පෙන්වාදිය හැකිය.
ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාවගේ ප්‍රශ්නය දඩමීමා කර ගනිමින් ජයලලිතා ඉකුත් කාලයේ පාලක කොංග්‍රස් පක්ෂයට දැඩි වාග් ප්‍රහාර මෙන්ම අනතුරු ඇඟවීම් ද කළේය.
විශේෂයෙන් ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිංගේ පාලනයට තමිල්නාඩුවෙන් සිදුවූ බලපෑම් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
තමිල්නාඩු බලපෑම් හමුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීම්වලදී පාලක කොංග්‍රස් පක්ෂයට එක් තීරණයක සිටීමට නොහැකිවීමෙන් මේ බව මනාව පැහැදිිලි විය.
මේ නිසා ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක සාධකයක් බවට තමිල්නාඩුව පත්ව තිබිණ.
නරේන්ද්‍ර මෝඩිගේ පක්ෂයට ජයග්‍රහණය හිමිවීමත් සමග එම පක්ෂයට හිතැති ආධාරකරුවන් මහ පාරට බැස විනෝද වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
මේ අතර “ භාරතය ජය ගනී - අනාගතය සුබයි “ යනුවෙන් ඉන්දීය මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නරේන්ද්‍ර මෝඩි මැතිවරණ ප්‍රතිඵල නිකුතුවෙන් පසුව පළමු වරට ප්‍රකාශ කර තිබේ.
මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකරගත් භාරතීය ජනතා පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි අනතුරුව සිය මවගේ ආශිර්වාද ලබාගෙන ඇති බව සඳහන්ය.
භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවන් නවදිල්ලිහිදී පක්ෂ මූලස්ථානයට රැස්ව ජයග්‍රහණය සැමරීමේ යෙදී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාවේ 15 වන අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි පත්වනු ඇත.