ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මධ්‍යම පළාත් මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන හැටන් පෞද්ගලික බස්නැවතුම්පලේ රාජකාරියේ සිටින ඇතැම් නිළධාරීන් හරහා කප්පම් කල්ලියක් කි‍්‍රයාත්මක වන වාර්තා වෙයි.

මෙම කප්පම් කල්ලිය හේතුවෙන් බස්රථ හිමියෝ දැඩි අසීරුතාවයට පත්ව සිටිති. එම බස්නැවතුම්පල හරහා කි‍්‍රයාත්මක වන කෙටිදුර බස්රථයකින් එක් ගමන් වාරයකට රුපියල් 100/- ක් ද දුර බස් සේවා සඳහා එක් බස්රථයකට රුපියල් 500/- ත් 1000/- අතර මුදලක් මොවුන්ට කප්පම් වශයෙන් ගෙවීමට සිදුවන බව බස්රථ හිමියෝ පෙන්වා දෙති.

බස්රථ වලට මගීන් පටවන“ රනර්ස් “ ලා හරහා මෙම මුදල එකතු කර එම බස්නැවතුම්පල කාර්යාලයේදී සියළු දෙනා එම මුදල් සම සේ බෙදාගන්නා බවද බස්රථ හිමියන් පවසනවා. කප්පම් ලබානොදෙන බස්රථ හිමියන්ට කෙනෙහෙලි කම් කරන බවත් කප්පම් ලබා නොදී හැටන් පෞද්ගලික බස්නැවතුම්පල හරහා බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවද එම බස්රථ හිමියන් පෙන්වා දෙති. 



තවද බස්රථ වලට අමතරව මාර්ගස්ථ බලපත‍්‍ර නොමැතිව ධාවනය වන හැටන් සිට කොළඹ දක්වා ධාවනය වන වෑන් රථ වලින් රුපියල් 1000/- ක් ද පෞද්ගලික බස්රථ වල ආසන වෙන්කරවා දීම සඳහා එක් මගියෙකුගෙන් රු 50/- ත් 100/- අතර මුදලක් ද මෙම කප්පම් කල්ලිය විසින් එකතු කරන බවද පැවසෙයි. 

මෙම පෞද්ගලික බස් නැවතුම්පලේ සේවා අවශ්‍යාතාවයට වඩා විශාල නිළධාරීන් පිරිසක් නිකරුනේ සිටින බවත්, ඔවුන් ලබාගන්නා වැටුපට අමතරව මෙම කප්පම් මුදලින් මසකට විශාල මුදලක් උපයා ගන්නා බවත් එම බස්රථ හිමියන් පෙන්වා දෙති. 

තවද නියමිත කාලසටහන අනුව බස්රථ ධාවනය නොකර බස්රථ හිමියාට අවශ්‍ය වේලාවට බස්රථ ධාවනය කිරීමට එම කප්පම් කල්ලිය වෙනමම වාර ගණනට අමතර මුදලක් ලබාගන්නා බවද පැවසෙයි. තවද මාසික ධාවන සටහන් පත‍්‍රය දිනපතා අත්සන් කිරීම සඳහා වෙනමම කප්පම් මුදලක් බස්රථ හිමියන්ට ලබාදීමට සිදුවන බවද බස්රථ හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙති.



Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්