ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තනතුරක් භාර ගැනීමට නියමිත බැවින් තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පදවිය දැරීමට හැකියාවක් නොමැති බව පෝල් ෆාර්බ්‍රෙස් තමන්ට දැනුම් දුන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔහු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු තනතුර භාර ගැනීමට නියමිත බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

පුහුණුකරුගේ ඉල්ලා අස්වීම පිළිබඳව මාධ්‍ය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් කියා සිටියේ, ඔහුට නියමිත වේලාවට සිය වේතනය පවා නොලැබුන බව තමන්ට දැන ගන්නට ලැබුණ බවයි.
එමෙන්ම ජෙෆ් මාෂ් වැනි පුහුණුකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කළ ආකාරය පෝල් ෆාබ්‍රේස් දැන සිටි බැවින්, පුහුණුකරු සිය තීන්දුවට එළඹීමේදී අදාළ පසුබිමද බලපාන්නට ඇති බවත් එම ක්‍රීඩකයා මාධ්‍ය  කළ විමසීමකදී කියා සිටියේය.
කෙසේ නමුත් පෝල් ෆාබ්‍රේස්ට නිසි ගෞරවය ලබා දෙමින් හැකි සෑම අවස්ථාවකම ඔහුගේ අවශ්‍යතා උපරිමයෙන් ඉටු කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පවසන්නේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්