ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තම මව විසින් තමන් බිහිකලේ ඇමතිවරයෙක් වෙයන් කියා නොවන බව ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ කැලණිය වනවාසල දුම්රියපොළේ නව මඟී පාලම විවෘත කරමින් පැවති උත්සව සභාව අමතමිනි.
තමන් කැලණියේ වැඩටික අවසන් කළ පසු තවත් දුර්වල ආසනයක් සොයා පිටත්ව යන බවත් එදා සිට කැලණියේ නායකත්වය රෙහෙන්සිරි වරාගොඩ මහතා විසින් දරණු ඇති බවත් එහිදී කී ඔහු මෙසේද කීය.
“මම බෙන්තර ගඟෙන් මෙහා පැත්තට ආවේ එහා පැත්තේ ඉඳලා. නැවත මට බෙන්තර ගඟෙන් එහා පැත්තට යන්නත් පුළුවන්. කැලණිය පසුකරල රජ රට පැත්තට යන්නත් පුළුවන්. උෟව සමබරගමුව පැත්තට යන්නත් පුළුවන්. කොතැන ගියත් ඒ ජනතාව මට ආදරය කරනවා.

එම නිසා කැලණියේ වැඩටික අවසන් කළායින් පසු තවත් දුර්වල ආසනයක් කොතැනද තියෙන්නේ කියල සොයා බලනවා. මම කැලණි පන්සල මුල්කරගෙන, මහා සංඝරත්නයේ අදහසුත් විමසලා මගේ කැලණියේ හිතවතුන්ගෙත් අදහස් විමසා ඒ අයගේත් අවසරය ලැබෙනවා නම් දුර්වල තැනක් ගොඩනඟන්න මම යනවා. එදාට කැලණියේ නායකත්වය රෙහෙන්සිරි වරාගොඩ මැතිතුමා ගනීවි. එවිට දෙදෙනාටම පාර්ලිමේන්තු යන්න ලැබේවි. මට කිසිම තැනක බලෙන් ඉන්න අවශ්‍යතාවක් නැහැ. මම මේ ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්නේ සිංහල රජවරුන් නවාතැන් ගත් වනවාසල ගමේ සිටියි. 
මගේ අම්මා මා මේ ලෝකයට බිහි කළේ පාර්ලිමේන්තු පලයන්, ඇමැතිවරයෙක් වෙයන් කියල නොවෙයි. සදාචාර සම්පන්න ගුණගරුක කොල්ලෙක් වෙයන් කියලා. ඒක මගේ හිතේ සැමදාම තියෙනවා. මගේ සිංහලකමයි බෞද්ධකමයි කුලියට අරන් ආපු එකක් නෙවෙයි. මම අනෙකුත් ජාතීන්ටත් අනෙකුත් ආගමිකයන්ටත් ගරු කරනවා. නමුත් අපේ ජාතියට අපේ ආගමට කවුරුහරි අවඩැක් කරනවා නම් ඒ සඳහා නැඟීසිටින්න මට තැනක් නොතැනක් නැහැ”

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්