ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කැනඩාව විසින් 2006 වසරේ අපේ‍්‍රල් 10 වන දා කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කළ ද එහි පෙරමුණු සංවිධානවලට ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක වීමට ඉඩ සැලසූ බව විකිලීක්ස් හෙළිදරව් කරනවා. කැනේඩියානු ආරක්ෂක ඔත්තු සේවා ඒජන්සිය මගින් මෙලෙස කොටි සංවිධානයට සහාය වූ සංවිධාන 8ක් හඳුනාගෙන තිබූ බව සඳහන්. කැනඩාවේ ත‍්‍රස්ත මර්ධන නීතිය යටතේ එම සංවිධාන තහනම් කිරීමට හැකියාව තිබුණ ද එවකට පැවැති සුළුතර රජය ඒ සඳහා පියවර ගෙන නැහැ. මෙම තොරතුරු විකිලීක්ස් හෙළිදරව් කළේ කැනඩාවේ ඇමරිකානු තානාපතිවරයා විසින් වොෂින්ටනයට එවූ රහසිගත කේබල් පණිවුඩයක් ඇසුරෙන්. ශ‍්‍රී ලංකාවෙන් පිටත විශාලතම දෙමළ ඩයස්පෝරාව වෙසෙන කැනඩාවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට විශාල වශයෙන් මූල්‍යාධාර හිමි වුණා. 1990 දශකයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ යුද්ධයට අවශ්‍ය වියදමින් සියයට 80ක්ම විදේශ රටවලින් සපයා ගත් අතර කැනඩාවෙන් වාර්ෂිකව ලැබුණු මුදල ඩොලර් මිලියන 10ක් පමණ වනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවසන් යුද්ධයට මූල්‍යාධාර සපයා ඇත්තේ ද කැනඩාවේ දෙමළ ඩයස්පෝරාව විසින්. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පෙරමුණු සංවිධාන ඔවුන්ගෙන් මුදල් එක්රැුස් කළ බව ඔටාවා නුවර ඇමරිකානු තානාපතිවරයා වොෂින්ටනයට යැවූ කේබල් පණිවුඩයේ සඳහන්.


මේ අතර, සිය සංවිධානය ශ‍්‍රී ලංකාව විසින් ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම පිළිබදව කැනේඩියානු දෙමළ කොංග‍්‍රසය විරෝධය පළ කර තිබෙනවා. මොවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඍජු සහායකයන් බව ජාත්‍යන්තර ත‍්‍රස්ත විශේෂඥයෙකු වන ආචාර්ය රොහාන් ගුණරත්න විසින් ද හෙළිදරව් කර තිබුණා. එහෙත් කැනේඩියානු අධිකරණයක් මගින් කැනේඩියානු දෙමළ කොංග‍්‍රසය පිරිසිදු සංවිධානයක් බවට ප‍්‍රකාශ කර ඔවුන්ට වන්දියක් ගෙවන ලෙස ද ආචාර්ය රොහාන් ගුණරත්නට නියෝග කළා.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්