ත්‍රිරෝදයෙන් ගෙන යද්දී 'නාකොටික්' හමුදා පස්‌සෙන් පන්නා මාලිගාවත්තේදී අල්ලයිවැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කාරයකු විසින් මෙහෙයවන මහා පරිමාණ ජාවාරමක සුලමුල හෙළිකරගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවකු මාලිගාවත්තේදී පෙරේදා (05 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
උවයිස් නමැති මුස්‌ලිම් ජාතිකයකු හෙරොයින් කිලෝ දෙකක ප්‍රමාණයක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී එහි පසුපස පන්නා ගිය මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු මාලිගාවත්තේදී එම හෙරොයින් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත්හ.
මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවන්නේ කොළඹ ප්‍රධානම පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු වන ලාලිත්‍ය නමැත්තා විසින් බව පොලිසිය පවසයි.
කලකට උඩදී ලාලිත්‍ය නමැත්තා හෙරොයින් කිලෝ දහයක් සමඟ කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වී බන්ධනාගාර ගතවී සිටී.
බන්ධනාගාර ගතවී සිටියදී ඔහු ගෝලයන් යොදවා මෙම ජාවාරම මෙහෙයවන බවට මත්ද්‍රව්‍ය නාශක අංශයට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක අංශයේ විශේෂ කණ්‌ඩායමක් මාස දෙකකට ආසන්න කාලයක් තිස්‌සේ සැලසුම්කර කළ වැටලීමකදී එම සැකකරු සමග හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
ලාලිත්‍ය නමැත්තා මෙහෙයවන මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම කරගෙන යන්නේ උවයිස් නමැති මුස්‌ලිම් ජාතිකයා බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ග්‍රෑම් 500 බැගින් වූ පැකට්‌වල අසුරා තිබී එම පැකට්‌වල අරාබි අක්‌ෂර මුද්‍රණය කර තේ පැකට් ලෙස පෙනෙන අයුරින් සකස්‌කර තිබූ බව ද පොලිසිය පවසයි.
වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ ලාලිත්‍ය නමැත්තාට අයත් නිවසක් තිබෙන අතර උවයිස් නැමැත්තා මෙම හෙරොයින් තොගය රැගෙනවිත් ඇත්තේ එම නිවසේ සිට බව ද හෙළිවී තිබේ. ලාලිත්‍යගේ බිරිඳ ද මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි අතර මීට ටික දිනකට උඩදී ඇය ඇප මත මුදාහැරීමෙන් පසු වැල්ලම්පිටියට පැමිණ සිටින බව පොලිසිය පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගත් උවයිස් නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ලාලිත්‍යගේ උපදෙස් පරිදි හෙරොයින් ජාවාරම කරගෙන යන බවයි. අදාළ හෙරොයින් තොගය වැල්ලම්පිටියෙන් රැගෙන ගොස් මාලිගාවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක පැමිණෙන තවත් පුද්ගලයකුට භාරදීමට නියමිතව තිබූ බව ද උවයිස් පවසා ඇත. ලාලිත්‍ය වෙත ලබාදීමට බන්ධනාගාරය වෙත රැගෙන යැමට සූදානම් කර තිබී ජංගම දුරකථන, සිම්කාඩ්පත් 15 ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතකර සිටින ලාලිත්‍ය නමැත්තාගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය. මෙම හෙරොයින් තොග ලාලිත්‍ය වෙත ලැබෙන මාර්ග සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්‌ඩායමක් පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.