මැතිවරණයෙන් ජයග‍්‍රහණය කල දාම තම ආධාරකරුවන්ට ගැහුවේ බැන්නේ වෙනත් අයෙකුගේ වාහනයක් උඩ නැග්ග නිසා යයි දකුණු පළාත් සභා අමාත්‍ය ඞී.වී. උපුල් මහතා පවසයි.
ඔහුගේ ජයග‍්‍රහණය සමරන්න ආ ආධාරකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කරයි.
‘මේක සම්පූර්ණ වැරදි වැටහීමක්. මේකයි ඇත්තටම සිද්ධ වුණේ. මාත් එක්ක ඡන්දෙ ඉල්ලපු ගුණසේකර මහත්තයා ඡන්ද 23,000ක් අඩුවෙලා පරාද වුණා. මගේ ආධාරකරුවෝ ගිහින් ගුණසේකර මහත්තයාගේ වාහනේ උඩ නට නට ඉන්නවා. වාහනෙත් වට කරගෙන. මම ගිහින් මගේ ආධාරකරුවන්ව ඒ වාහනෙන් බැනලා බැස්සුවා විතරක් නෙවෙයි එතැනින් එළෙව්වා.
මගේ වාහන පෙන්නලා මම අපේ අයට කිව්වා ඇති තරම් මගේ වාහන උඩ නැඟගෙන නටාපල්ලා කියලා. ඔන්න ඕකයි ඇත්තටම වුණේ. මම හොදට කළගුණ දන්න මිනිහෙක්. ඒ මනුස්සයා එද්දී මගේ ආධාරකරුවෝ එයාගේ වාහනේ උඩ නැගලා ඉන්න එක හොද මදිනේ. ඒකයි මම එහෙම කළේ’