ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මෙම උත්සවය මර්වින් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්, කිරිඳිවැල පොලිසියේ පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරි නිලධාරිනියන්ද ගම්වැසියන් ද සහභාගි කරවාගෙන එම වීර මාතා පවුල පදිංචි නිවාස භූමියේදී පැවැත්විණි.

මර්වින් ඇමැතිවරයා අතින් මෙසේ පුද සත්කාර ලැබුවේ 38 හැවිරිදි ගයානි නිරෝෂිණී මාතාව සහ 30 වියැති ප්‍රියන්ත වීරක්කොඩි නමැති යුවළ සමඟ ඔවුන්ගේ දරු 8 දෙනාය.


මෙම දරුවන් 8 දෙනා පිරිමි දරුවන් 5ක් සහ ගැහැනු දරුවන් 3කි. වැඩිමල් දරුවා 10 වැනි වියේය.
බාලම දුව මාස 7ක වයසේය. වැඩිමල් දරුවන් තිදෙනා පිරිමි දරුවෝ වන අතර රදාවාන මහගම සේකර මහ විදුහලේ 4-3-1 ශේ‍ර්ණිවල ඉගෙනුම ලබති. 4 වැනි දැරිය පෙර පාසල් යන්නීය. ඉතිරි තිදෙනාම කිරි දරුවන්ය.

මෙම දරුවන්ගේ පියා වෘත්තියෙන් පොල් කඩන්නෙකි. ඔහු පවසන්නේ පායන දිනවල තම වෘත්තිය හොඳින් කරගත හැකි වුවත් වැසි දිනවල තම වෘත්තිය හරිහැටි කරගත නොහැකිව පවුලේ ප්‍රශ්න මතුවන බවයි.

මෙම අවස්ථාව ඇමැතූ මර්වින් සිල්වා ඇමැතිවරයා මෙසේ පැවැසීය. මා මේ පවුල පිළිබඳ දැනුම්වත් වුණේ පුවත්පතක තිබූ ප්‍රවෘත්තියකින්. ඒ අනුව ඒ පවුල පිළිබඳ සොයා බැලීමක් කළා. අපේ සිංහල ජාතිය වඳවෙමින් තිබෙන මෙවන් කාලවකවානුවක වැඩි වැඩියෙන් දරුවන් බිහිකරන පවුල් සඳහා අපගේ ආධාර උපකාර වගේම සැලකිල්ල යොමුවිය යුතු බව හැඟීම ආවා.
මෙම සත්ක්‍රියාවට පැමිණීමට පෙර උදයෙන්ම මා මේ සම්බන්ධව ජනාධිපතිතුමා දැනුම්වත් කළා. මර්වින් අපි කරන්න ඕනෙ ඔය වගේ වැඩ තමයි. මගෙනුත් උදව්වක් අවශ්‍යනම් කියන්න කියා එතුමා කීවා.

මේ පවුලට අඩුම තරමේ දිනකට ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක්වත් ඕනෑ. මේ සම්බන්ධයෙන් මා මැලිබන් කිරිපිටි සමාගමට කතා කළා. මසකට කිරි පැකට් 30 බැගින් මෙම පවුලට ලබාදීමටත් තවත් දරුවන් බිහිකරන්නේ නම් ඒ සඳහාද කිරි ලබාදෙන බවත් එම සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂවරයා පැවැසුවා. ප්‍රථම මස කිරි පැකට් 30ක පාර්සලය එම සමාගමේ නිලධාරි මහතෙක් ගෙනැවිත් තියෙනවා. අපේ සිංහල ජාතියට උදව් උපකාර කරන එවන් සමාගම් රටටම ආදර්ශයක්.
මගේ මිත්‍රයන් පිරිසකුත් මෙම දරුවන්ට පොත්පත් හා පාර්සල් පිරිනැමීම සිදුකළා.

සිංහල ජාතිය බෝකරන අයට අපෙන් උදව්වක් නැත්නම් බෝවීමක් නැහැ. සිංහල ජාතිය බෝකරන සිංහල පවුල්වලට හැකි ප්‍රමාණයකින් අපේ උදව් ලබාදීමේ කාලය දැන් එළැඹී තියෙනවා. අපේ පැරැණි සමාජයේ සිංහල රජවරු, පාලකයෝ, පවුල් සැලසුම් ඇතිකළේ නැහැ. වදන්න පුළුවන් එකී පුළුවන් තරම් වදාපිය හදන්න පුළුවන් එකා පුළුවන් තරම් හදාපිය කියලා තමයි අපේ මුතුන් මිත්තන් කීවේ.
තම ජාතිය ලොව පුරා බලවත් කරන්න උත්සාහ ගන්නා සෑම ජාතියක්ම හැකිතාක් ළමයි හදනවා. අපේ අයට තමයි පාලන නීතිරීති. සිංහල ජාතිය රැකගන්න නම් පුළුවන් තරම් ජාතිය බෝකරපල්ලා. එදා වාරියපොළ සුමංගල හාමුදුරුවෝ කීවා. මාත් ඒ කතාව කියනවා. පුංචි පවුල රත්තරන් කීවේ කවුද? එහෙම දෙයක් නැහැ. සිංහල ජාතිය වෙනුවෙන් යහපත් දරුවන් හදා වඩා රටට දායාද කිරීම තමයි උතුම් පවුලක වගකීම.

මෙම පවුලට නව නිවෙසක් සාදා දීමට සැලසුම් සකස් කිරීම සහ ඇස්තමේන්තු සකස් කිරීම මෙම අවස්ථාවට සහභාගි වී සිටි ‍ෙදාම්පේ ප්‍රාදේශීය ලේකම් ජේ.පී. විජේසුන්දර මහත්මියට පවරනවා. එම කටයුත්ත හැකි ඉක්මනින් කළ යුතුයි. ඒ සඳහා වැය මගේ අමාත්‍යංශයෙන් ලබා දෙනවා.
මේ අතර ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් පිළිනොපැදීම නිසාවෙන් 'ගයානි' පවුලට ඇගෙන් නිසි සැලකිල්ලක් නොලැබෙන බවක කතාවක් ඇමැතිවරයාගේ කනට වැටී තිබිණි. ඇමැතිවරයා එම පවුල් සෞඛ්‍ය සේවිකාව තම අබියසට කැඳවා ගත්තේය.
මේ.... මේ.. මීට පස්සෙ පවුල් සැලසුම් කතා තහනම්. ඔබතුමිය මේ පවුලට උදව් කරන්න ඕනෑ.

ප.සෞ. සේවිකාව - මම කියන්නේ.... ඇයට පවසන්න ලැබුණේ එපමණකි.

ඇමැති - බෑ බෑ ඒ කාරණා මට අවශ්‍ය නැහැ.

ප.සෞ. සේවිකාව - සමාවෙන්න සර්. පොඩ්ඩක් මටත් ඇහුම්කන් දෙන්නකෝ.

ඇමැති - හා හා කියන්නකෝ.

ප.සෞ. සේවිකාව- සර්. මෙයාට අවුරුද්දෙන් අවුරුද්දට බබාලා ලැබෙනවා. එතකොට මවගේ ශරීරය දුර්වල වෙනවා. මෙයාට ශරීර දුර්වලකමකුත් තිබුණා.

ඇමැති - එහෙම දුර්වලකමක් මේ අම්ම දැක්කම පෙනෙන්නෙ නැහැ. හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටින බවයි පේන්නේ. අපේ පැරැණි පවුල්වල දරුවෝ 16-17 සිටියා.

ප.සෞ. සේවිකාව-සර්. අපිට උගන්වල තියෙන්නේ සැලසුමක් ඇතුව දරුවන් හදන්න කියාදෙන්න. එහෙම නොකළොත් අම්මලා දුර්වල වී මවු මරණ වැඩිවෙනවා.

ඇමැති - අපේ සිංහලයාගේ පවුල් සැලසුම් ඇතිකළොත් ඒක කවදා හෝ කුවේණිගේ සාපය වගේ මේ රටට මහා සාපයක් වෙනවා. අපේ සිංහල ජාතියට සිදුවෙමින් යන දේ ගැන මට ලොකු වේදනාවක් තියෙනවා.

මේ ජෝඩුවට පුනරුත්පත්තිය ආවේශ කළොත් සමහර විටෙක අපට දැනගන්න ලැබේවි මේ ජෝඩුව මේ වගේම රට ජාතිය රැකගන්න දරුවන් බිහිකර ඇති.
ඔබතුමිය මේ පවුලට උදවු කරන්න. අපිත් උදවු කරනවා. මේ වගේ තවත් පවුල් ඉන්නවානම් ඒ අයටත් උදවු කරන්න.

ප.සෞ. සේවිකාව - සර් අපි ඒ වගකීම කරනවා.

මෙහිදී එක් කාන්තාවක් සත් භාවයෙන් පැවැසුවේ මේ පවුල ප්‍රදේශයේ කිසිවකුට හිරිහැරයක් නැතිව ජීවත්වන පවුලක්. දරුවන් නිසි පරිදි පාසල් යෑම සිදුවන්නේ නැහැ. දරුවෝ හොඳට ඉගෙන ගත්තොත් කවද හරි වාසනාවන්ත පවුලක් වෙනවා. මේ දරුවන් නිදාගන්නේ සාලයේ බිම. එක දිගට පැදුරු එළාගෙන. ඇඳන් මෙට්ට නැහැ. කවුරුන් හෝ පින්වතෙක් ඒ ගැනත් සොයා බැලුවොත් හොඳයි කියාය.

මේ වගේ ඇමැති කෙනෙක් ‍ෙදාම්පෙට ලැබුණෙ නැහැනෙ.. තවත් කාන්තාවකගේ මුවින් පිටවනු ඇසිණි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්