හපුතලේ වැලිමඩ මාර්ගයේ ග්ලැනනෝර් වත්ත අසලදී පෞද්ගලික බස් රථයක් (8 දා) පෙ.ව. 8 ට කාන්තාවක් අනතුරට ලක්‌කොට පලා ගොස් තිබේ.
මෙසේ අනතුරට ලක්‌වූ කාන්තාව එම ස්‌ථානයේම මියගොස් ඇත. ඇය හපුතලේ තැපැල් කාර්යාලය වෙත සිය මාසික මහජනාධාර මුදල රැගෙන ඒමට යමින් සිටියදී අනතුරට පත්වී තිබේ. එසේම ඇය ආබාධිත කාන්තාවකි.
ඇය පදිංචි ග්ලැනනෝර් වතුයායේ කම්කරුවන් එම ස්‌ථානයට රැස්‌වූ අතර එහිදි උණුසුම් තත්ත්වයක් ඇතිවීමට ගියත් හපුතලේ පොලිසිය කරුණු පහදා දී උණුසුම් තත්ත්වය සමථයකට පත් කළේය.
පොලිසිය විසින් මියගිය කාන්තාව වන පෙරුමාල් කෝකිල පානි නමැත්තියගේ දේහය ගිලන් රියකින් හපුතලේ රෝහල වෙත රැගෙන යන ලදී. පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.
බණ්‌ඩාරවෙල පොලිස් අධිකාරි ෂෂ ධම්මික විෙ-සිංහ මහතාගේ උපදෙස් පරිදි හපුතලේ පොලිස් ස්‌ථානාධිපති පො. ප. ආරියරත්න පො. සැ. 20490 , සේනාධීර පො. සැ. 29623 තිලකසිරි පො. සැ. 51399 උපසේන යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
