ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන මහේල ජයවර්ධනට හා කුමාර් සංගක්කාරට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තාවෙයි.
පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමෙන් පසු දිවයිනට පැමිණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කරුණු දැක්වීමට එරෙහිව මෙම විනය පරීක්ෂණය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව අද (21දා) පැවැති විධායක කමිටු හමුවේදී සාකච්ඡා කර තිබෙන අතර විධායක කමිටුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විනය කමිටුවට යොමුකර තිබේ.