ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මුස්ලිම් ශිෂ්‍යාවන් දෙදෙනකු විද්‍යාල නිල ඇඳුමට පරිබාහිර ඇඳුම් ඇඳීම නිසා හටගත් අර්බුදය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසදා තිබියදී එම ගැටලුව අධිකරණය දක්වා ගෙනයෑම පසුපස මුස්ලිම් අන්තවාදීන් පිරිසක් සිටින බවට එම විද්‍යාලයේ මවුපියන් චෝදනා කරයි.

බස්නාහිර පළාත් සභාවට අයත් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක් වන නාවල ජනාධිපති බාලිකාවේ ඉගෙනුම ලබන මුස්ලිම් ජාතික සිසුවියන් දෙදෙනකු විද්‍යාල නිල ඇඳුමට හදිසියේම මුස්ලිම් කාන්තාවන් පලඳින හිස්වැසුමත්, දිගු කලිසමත් ඇඳීම විද්‍යාලයීය විනය නීතියට පටහැනි වීම නිසා එම සිසුවියන් දෙදෙනා හට පාසලේ නියමිත නිල ඇඳුම අඳින ලෙස විදුහල්පතිනිය නියම කිරීම මෙම අර්බුදයට මූලිකම කාරණය වී තිබිණි.

එම ශිෂ්‍යාවන් දෙදෙනාට විදුහල්පතිනිය විනය නීතිවලට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා මුස්ලිම් ඇඳුම ඉවත් කරන ලෙස උපදෙස් දීම ගැන උරණ වූ එම ශිෂ්‍යාවන්ගේ මවුපියන් විදුහල්පතිනිය විසින් මුස්ලිම් ආගමට විරුද්ධව ආගමික හිංසනයක් සිදුකර ඇති බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට හා "අල්ජසීරා" වැනි ජාත්‍යන්තර හා දේශීය මාධ්‍යවලට තොරතුරු ලබාදී තිබූ අතර ඒ නිසා බස්නාහිර පළාත් සභාවේ සමහර බලධාරීන් නාවල ජනාධිපති බාලිකාවේ විදුහල්පතිනිය එම තනතුරෙන් ඉවත් කරන බවටද තර්ජනය කරනු ලැබීය.

කෙසේ හෝ බස්නාහිර පළාතේ අධ්‍යාපන බලධාරීන් මෙම ගැටලුව දුරදිග නොයවා එම මුස්ලිම් ශිෂ්‍යාවන් දෙදෙනා හට ඔවුන්ගේ මවුපියන්ගේ ඉල්ලීම මත බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලයට ඇතුළු වීමේ පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබිණි. අධ්‍යාපන අමාත්‍යංශ අධ්‍යාපන ලේකම් වෙනුවට ජාතික පාසල් අධ්‍යක්‍ෂ රංජිත් චන්ද්‍රසේකර මහතා එම ලිපියට අස්සන් තබා ඇත.

එසේ තිබියදී මෙම ශිෂ්‍යාවන් දෙදෙනා නැවැත මුස්ලිම් ඇඳුමෙන් තමන් ඉගෙනගත් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයටම ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා අධිකරණය ඉදිරියට යන්නට එම සිසුවියන් දෙදෙනාගේ මවුපියන් කටයුතු කර ඇති අතර එවැනි පියවරක් ගැනීම විද්‍යාලයේ මෙතෙක් පවත්වාගෙන ආ ආගමික සංහිඳියාව හා පාසල් විනය නීතිරීතිවලට බලවත් පහරක් බව විද්‍යාලයීය ශිෂ්‍යාවන්ගේ මවුපියෝ රැසක් පෙන්වා දෙති. එම ශිෂ්‍යාවන්ගේ ගැටලුව සාධාරණව විසදා තිබියදී මෙසේ නැවැත එම ප්‍රශ්නය අධිකරණය ඉදිරියට ගෙනයෑම පසුපස මෙරට ආගමික සමඟිය බිඳදැමීමට උත්සාහ දරන මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ඇතැයි චෝදනා කරන මවුපියන් එවැනි අන්තවාදී උත්සාහවලට ඉඩ නොදෙන්නැයි බස්නාහිර පළාත් ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

විද්‍යාලයීය විනය ආරක්‍ෂා කරන්නට යෑම නිසා විදුහල්පතිනියට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව පසුගියදා විද්‍යාලයීය ශිෂ්‍යාවන්ගේ මවුපියන් 1500කට අධික පිරිසක් උද්ඝෝෂණයකද නිරත වූ අතර එහිදී ඔවුන් අවධාරණය කළේ විද්‍යාලයීය විනය රැකීමේ අයිතිය විදුහල්පතිනිය සතු විය යුතු බවයි.
නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දැනටමත් මුස්ලිම් සිසුවියන් 30 දෙනකුට ආසන්න පිරිසක් ඉගෙනුම ලබමින් සිටින බව පවසන මවුපියන් ඔවුන් කිසිවකුට විදුහලේ නිල ඇඳුම වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ඇතිවී නැති බවද, මුස්ලිම් සිසුවියන් හට කිසිදු භේදයක් නොමැතිව පාසල සලකා ඇති බවත්, මුස්ලිම් සිසුවියක් පාසල් හොකී කණ්ඩායමේ නායකත්වය දැරීමෙන්ම එය සනාථ වන බවත් සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම ගැටලුව තවත් දුරදිග ගෙනයෑමට කිසිවකු උත්සාහ ගතහොත් පාසලේ විනය හා අනාගතය ආරක්‍ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට තමන් සූදානම් බව මවුපියෝ දැඩිව අවධාරණය කරති.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්