ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

http://i.ytimg.com/vi/KGwgZ-_xrWM/0.jpgවෙන්නප්පුව පාසල් සිසුවියක් ඊයේ පස්වරුවේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

එසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව,බණ්ඩිරිප්පුව - මහවත්ත ජනපදයේ පදිංචිව සිටි ලොක්ක පත්තලාගේ රසිකා දුලානි (අවු:11) නම්වූ පාසල් සිසුවියකි.

ඊයේ (28) සවස 4.15 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති බවත්, දැරිය පදිංචි නිවසට ඉදිරිපිට පිහිටි නිවසක කාමරයක් තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඇයගේ සිරුර සොයා ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

අසල්වැසි අසල්වැසි දරුවන් සමග නිවස අසල කී‍්‍රඩා කරමින් සිටි ඇය, සුළු වේලාවකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. පසුව කළ සොයා බැලීමකදී මියගොස් සිටි දැරිය හමුව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙසේ සියදිවි හානි කර ගැනීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නොමැත.

සැබවින්ම දැරිය ගෙල වැලලාගෙන මිය ගොස් ඇත්ද, එසේත් නැතිනම් කිසිවෙකු විසින් ඇයට අනතුරක් කොට පසුව එල්ලන ලද්දේද යන්න පිළිබඳ තහවුරු වී නොමැත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි

මියගිය දැරියගේ මව විදේශ ගතව සිටින අතර ඇය පියා සහ නිවුන් සොහොයුරිය අතර නිවසේ වාසය කර තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්