බහරේන් රාජධානිය සිය දේශයේ ඉහළ ම ගෞරව සම්මානය වන බලීෆා අභිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (28) ප්‍රදානය කළේය.
“උතුමාණෙනි ඔබ සහ ඔබ අයත් මිත්‍ර රාජ්‍යය මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා, සංවර්ධනයේ සහ ප්‍රගතියේ වඩා ඉහළ තලයකට ඔසවා තැබීමට ඔබ පෞද්ගලිකව ගන්නා උත්සාහයත් අගය කරනු පිණිස මේ සම්මානය පුද කරන්නෙමු” යයි බහරේන්හි හමාද් බින් ඉසා අල් බලීෆා රජතුමා ජනාධිපති රාජපක්ෂ මහතාට සම්මානය ප්‍රධානය කරමින් පැවැසීය.

අල් - බලීෆා අභිධානය 1940 දී ස්ථාපනය කරන ලදුව 1970 ගණන්වල දී යළි සක්‍රීය කරනු ලැබීය. අභාවප්‍රාප්ත ෂේක් ඉසා බින් සල්මාන් අල් -බලීෆා එමීර්තුමා මානුෂවාදය කෙරෙහි දැක්වූ කැපවීමට උපහාර පිණිස සම්මානය ආරම්භ කෙරිණ. මේ දක්වා සම්මානය ප්‍රදානය කර ඇත්තේ සෞදි අරාබි රජතුමා, මැලේසියානු අග්‍රාමාත්‍යතුමා සහ දෙවැනි එලිසබෙත් මහරැජින ඇතුළු විශිෂ්ට නායකයන් කිහිප දෙනකුට පමණි.
සම්මානය පිළිගනිමින් කථා කළ ජනාධිපති රාජපක්ෂ මහතා. “මම ගෞරවයටත් ප්‍රසාදයටත් පත්වීමි” යයි පැවසීය.
“බහරේන් දේශය සමඟ වඩා පුළුල් හා ගතික හවුල්කාරීත්වයක් ගොඩනැගීමට අපි අපේක්ෂා කරන්නෙමු. ඔබේ කරුණාබර වදන්, නොමසුරු ආගන්තුක සත්කාරය සහ උණුසුම් අන්තර් ක්‍රියාකාරීත්වය, නිසැකව ම ක්‍රියාශීලී සහයෝගීතාවක් බවට පරිවර්ථනය වන මේ රාජ්‍ය චාරිකාව මට සහ මගේ දූත පිරිසට බොහෝ කල්පවතින හා සොඳුරු සිහිවටන බවට පත් කරයි” යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ බහරේනයේ ශ්‍රී ලංකා තානාපති අනුර එම්. රාජකරුණා යන මහත්වරු සහ ව්‍යාපාරික දූත පිරිසේ සාමාජිකයෝ ද සම්මාන උළෙලට සහභාගී වී සිටියහ.
බහරේන් රාජ්‍යයේ අමුත්තකුට පිරිනමන උසස්ම සම්මානය වන කලීෆා සම්මානය හමාඩ් බින් ඉෂාඩ් අල් කලීෆා රජු විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අල් සකීර් මාළිගාවේ දී පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.