මැණික් ව්‍යාපාරිකයා තම මැණික් තොගය විකිණීම සඳහා ඔහු සතුව ඇති මාවනැල්ලේ පහළ කඩුගන්නාවේ ඇති හෝටලයකට ගෙන ගොස් ඇති අතර, මැණික් මිලදී ගැනීමේ මුවාවෙන් එහි පැමිණ ඇති අයකු හා අරාබි ජාතිකයකු ලෙස පෙනී සිටි තවත් අයකු ද එහි පැමිණ තිබේ.
ව්‍යාපාරිකයා මැණික් තොගය විකිණීමට පෙන්වා පරීක්‌ෂා කිරීමේ යෙදී සිටියදී එක්‌වරම මැණික් තොගය උදුරාගෙන ඔවුන් මෝටර් රථයක නැගී පලාගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
මැණික් මිලදී ගැනීමේ මුවාවෙන් කොල්ලකරුවන් පැමිණි මෝටර් රථයේ තිබූ අංකය යතුරුපැදියක එකක් බවට හෙළිවී ඇතැයිද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සවස එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කියයි.
කෑගල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්‌ෂණය යටතේ විශේෂ පොලිස් කණ්‌ඩායම් 3 ක් පලාගිය අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.