ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

සපත්තු යුගලක් ගැණීමට හැකියාවක් නොමැතිකමින් සෙරෙප්පු යුගලක් පැලද පාසල් පැමිණි සිසුවියකගේ බෙල්ලේ පංති භාර ගුරුවරිය විසින් එම සෙරෙප්පු යුගල එල්ලු බව කියන සිද්ධියට සම්බන්ධ ගුරුවරිය මාරු කෙරේ.

මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, එතෙක් අදාල ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර යවන ලෙසත් නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක මහතා පළාත් අධ්‍යාපන ලේකම් එන්.එන්.ඒ.පුෂ්පකුමාර මහතා වෙත නියෝග කර ඇතැයි නැගනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියි.
මෙම අනුවේදනීය සිද්ධියට මුහුණ දී ඇත්තේ,සේරුවිල කාවන්තිස්සපුර විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දැරියකි. 

දැරියගේ පියා මිය ගොස් ඇති අතර දැරියගේ මව දරුවන් හතර දෙනෙකුගන් යුත් පවුල රක්ෂා කරනුයේ,කුලී වැඩ වල නියලී උපයා ගන්නා සොච්චමකිනි.

සපත්තු යුගලක් මිළදී ගැණීමට මුදල් නොමැතිකම නිසා දැරිය පාසලට පැමිණෙන්නේ,සෙරෙප්පු යුගලක් පැළද ගෙනය. සෙරෙප්පු පැළද පාසල් නොපැමිණෙන ලෙස කිහිප විටක්ම පංති භාර ගුරුවරිය දැරියට අවවාද කර ඇතත්,දුප්පත්කම ඊට හරස්වී තිබේ.

ඉකුත් සිකුරාදා (25) දැරිය සුපුරුදු ලෙස පාසල් පැමිණ ඇත්තේ,සෙරෙප්පු යුගලක් පැළද ගෙනය. මෙයින් කුපිතවු පංතිභාර ගුරුවරිය දැරියගේ සෙරෙප්පු යුගලය ලනු කැබැල්ලකින් එකට ගැට ගසා එය දැරියගේ බෙල්ලේ එල්ලා තිබේ. ගුරුවරියද දරුවන් සිටින මවකි.

දැරියගේ මව එදින දහවල් ආහාර වේලද රැගෙන පාසලට පැමිණ ඇති අතර,එහිදී තම දියණිය සෙරෙප්පු යුගලය කරේ එල්ලා ගෙන සිටිනු දැක ඒ පිළිබදව අනෙක් දරුවන්ගෙන් විමසා තිබේ. 

අනෙක් දරුවන්ගෙන් විස්තර දැනගත් දැරියගේ මව මේ සම්බන්දයෙන් සේරුනුවර පොලිසිය පැමිණිලි කර ඇති අතර,පසුව පොලිසිය විසින් සියළු පාර්ශවයන් පොලිසියට කැදවා මේ පිළිබද ප්‍රශ්න කර ඇත. එහිදී පංතිභාර ගුරුවරියට දැඩි ලෙස අවවාද කල සේරුනුවර පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.බී.වීරරත්න මහතා පොලිසියේ අනුග්‍රහයෙන් දැරියට අළුත් සපත්තු යුගලක් ලබා දීමට කටයුතු කර තිබේ. දැරියගේ අනාගත අභිවෘද්ධිය තකා මෙම සිද්ධිය දුර දිග ගෙන නොයන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩග්ලස් රණසිංහ මහතා යටතේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බව ද වාර්තා වෙයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්