
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේගේ 'ඔබ නැතුව, ඔබ එක්ක' (With You, Without You) චිත්‍රපටයේ නිළ පූර්ව ප්‍රචාරක පටය මේවන විට එළි දක්වා තිබේ.
ප්‍රංශයේ වෙසුල් හි 19 වැනි අන්තර් ජාතික ආසියාතික සිනමා උළෙලේ හොදම සිනමා නිර්මානයට හිමි සික්ලෝ ඩොර් සම්මානයත් නෙට්ෆැක් සම්මානයත් මෙම චිත්‍රපටයට හිමි විය.
ආසියා රටවල චිත්‍රපට 70ක් අතරින් ජයගත් එම සිනමා පටයේ අන්තර් ජාතික 43 වැනි ඉන්දීය සිනමා උළෙලේ හොදම නිළිය ලෙස රිදි මොණරා සම්මානය හිමි කරගත් අන්ජලී පටිල් ඉන්දීය නිළිය හා ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිත රඟපාති.
මෙම නිර්මාණය ලන්ඩන්, ජපානය, ඩබ්ලින්, කේරලය, කැනඩාවේ මොන්ට්රියල් අන්තර් ජාතික සිනමා උළෙලයන් නියෝජනය කළේය.
ඉන්දු ශ්‍රී ලංකා නළු නිළි සංයෝජනයක් එක් කරමින් නිර්මාණය වූ මෙම සිනමා පුවත, ආදරයේ කවියක් අවසානය දක්වා ගලා යනසේ නිපැයු විශිෂ්ට නිර්මාණයක් බව ලොව ප්‍රකට සිනමා චිචාරක මතය වේ.
මේ චිත්‍රපටයට හොඳම චිත්‍රපටය ඇතුළු අන්තර් ජාතික සම්මාන පහක් මේවන විට හිමිවී තිබේ.
ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම් අලි නිෂ්පාදනයෙන් දායක වූ ‘ඔබ නැතුව ඔබ එක්ක’ ඉන්දු – ලංකා නිෂ්පාදනයකි.
පූර්ව ප්‍රචාරක පටය පහත දැක්වේ.