ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

568282.jpgක්‍රමෝපාය සංවර්ධන පනතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය කොළඹදී පැවැත්වූ විරෝධතාවට බූරුවන් රැගෙන එන බව පවසා ඒ වෙනුවට පෝනියත් රැගෙන ආ එජාප මන්ත්‍රිවරයකු සම්බන්ධයෙන් මේ දිනවල එජාපය ඇතුළේ රසකතා ඇසෙන බව දැනගන්නට ඇත.

ඒ අනුව එදිනම පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී පවසා සිටියේ බූරුවන්ගේ සහ පෝනියන්ගේ වෙනස නොදන්නා මන්ත්‍රිවරුන් හේතුවෙන් පක්ෂයද රට ඇතුළේ හෑල්ලුවට ලක්ව ඇති බවකි. මීට අමතරව තවත් එජාප මන්ත්‍රිවරයෙක් එහිදී මේ සම්බන්ධයෙන් අපූරු කතාවක් කීවේය.

අලි පන්තියක ගෑනු අලි ටික කාලයක් ගියාම ඒ රැළේ ඉන්න පිරිමි අලි පැටවුන් රැළෙන් පන්නනවා. ඉතිං මේ පන්නන සමහර පිරිමි අලි කොහේ හරි අලි රැළකට ගිහිල්ලා වැඩ පෙන්නලා එතැන නායකයා වෙනවා. හැබැයි එහෙම වැඩපෙන්න ගන්න බැරි පිරිමි අලිත් ඉන්නවා.

ඉතිං මේ වැඩ බැරි පිරිමි අලි කරන්නේ කොහේ හරි ඉන්න බූරු රැළකට හරි වැටිලා එතැන හරි නායකයෙක් වෙන්න උස්හා කරන එක. එදා අපේ උද්ඝෝෂණයෙදීත් වුණේ මේ වැඩ බැරි අලි වැඩේ භාර අරගෙන බූරුවන්ට හරි නායකයෙක් වෙච්ච එකයි' යන්න එම මන්ත්‍රිවරයා කී කතාව විය. මන්ත්‍රිවරයාගේ මේ කතාවත් සමඟ අලින්ට නායකයකු වීමට නොහැකිව ගොස් බූරුවන්ට නායකයකු වූ 'වැඩබැරි අලියා' කවුරුන්ද යන්න වටහාගත් එහි සිටි මන්ත්‍රි පිරිස බඩවැල් අල්ලාගෙන සිනාසෙන්නට වූහ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්