පසුගියදා මීගමුවේ විදේශීය මදල් හුවමාරු මධ්‍යස්ථානයකින් රුපියල් කෝටි 2 ක මුදලක් කොල්ල කෑමට චෝදනා ලැබ රැඳවුම් නියෝග යටතේ රඳවනු ලැබ සිටින බස්නාහිර පළාත් සභා එ.ජා.ප. අපේක්ෂක රොයිස් ප‍්‍රනාන්දු මහතා මනාප ඡන්ද 29,291 ක් ලබමින් පළාත් සභාවට තේරී පත්ව සිටී.
ගම්පහ දිස්ත‍්‍රික් එ.ජා.ප. මනාප ලැයිස්තුවේ හය වැනි ස්ථානය රොයිස් ප‍්‍රනාන්දු මහතා හිමි කර ගෙන ඇත.
මාස දෙකක පමණ කාලයක් රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින ඔහු මීගමුව විදේශීය මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ කොල්ලය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාසයේදී ය.
