ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අනුරාධ හෙවත් මැගසින් පාරේ මහත්තුරු බොරැල්ල පොලිස් නිලධාරීන්ගේ අත් අඩංගුවේ සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මැදිහත්වී නිදහස් කර ගෙන ඇතැයි වාර්තාවෙයි.
අදාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගත් බොරැල්ල පොලීසියේ නිලධාරියා මේ සම්බන්ධයෙන් බොරැල්ල මූලස්ථාන පොලීසියේ ලොග් සටහන් පොතේ සටහනක් තබා තිබේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ බොරැල්ල වනාතමුල්ලේ පැවති තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන හමුවකදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා පැවති මෙම ජන හමුවට අනුරාධ හෙවත් මැගසින් පාරේ මහත්තුරු පැමිණ ඇත්තේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන්ද සමගිනි.
එම අවස්ථාවේ අදාල ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බොරැල්ල පොලීසියේ නිලධාරීන් මෙම සැකකරු හදුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ඔවුන් සතුව තිබූ ඡායාරූප සන්සන්දනය කොට අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුවය.
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන මෙම සැකකරු මීට පෙර අවස්ථාවකදී පොලිස් අත්අඩංගුවෙන් පළාගිය අයෙකි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා බලහත්කාරයෙන් මුදාගෙන ඇත.
ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයා සිය හිතවතා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීයාට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැන වැදුන බව අදාල නිලධාරියා තැබූ ලොග් සටහනේ සදහන්ය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්