ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කිඹුල් හූනෙක්‌ රුපියල් ලක්‍ෂ 12 ක්‌ පමණ වටිනාකමින් යුක්‌ත යෑයි පැවසුවහොත් හේ මොළයේ අමාරුවක්‌ ඇති අයෙක්‌ ලෙස කෙනෙකු පැවසීමට පිළිවන. නමුත් ඊයේ (19 වැනිදා) අප පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියකින් කියෑවුණේ කිඹුල් හූනන් දෙදෙනකු (Bark Gecko) රුපියල් ලක්‍ෂ 12 ක්‌ බැගින් රුපියල් ලක්‍ෂ 24 කට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනකු වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පුවතකි.

මෙම හූනු වර්ගය ශ්‍රී ලංකාවට ආවේණික බවත් එනිසා ඔවුන් පිටරට යෑවීම තහනම් බවත් වනජීවී දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදු කිරීමට හේතු ලෙස පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති හූනු වර්ග 42 අතරින් (බටුවිට හා පෙතියාගොඩ 2007 සමීක්‍ෂණයට අනුව) මෙම කිඹුල් හූනා මේ තරම් වටින්නේ ඇයි දැයි කියා අප කාටත් ඇති ගැටලුවකි.

කිඹුල් හූනා ශ්‍රී ලංකාවට ආවේණික නිසා ඔවුන් පිටරට පටවා ජාන සොරාගෙන දියුණු තත්ත්වයේ හූනු වර්ගයක්‌ බිහිකිරීමට බටහිර රටවල් උත්සාහ ගත හැකිය.

හූනා කටුස්‌සාගේ (saurian) ප්‍රාථමික අවධිය ලෙස සලකයි. හූනාගේ දියුණු අවධිය කිඹුලා (crocadial) ලෙස හඳුන්වයි. එනිසා කිඹුල් හූනා යනු කිඹුලකුගේ සෘජු මූලික අවධිය විය හැකිය. එසේ වුවහොත් මෙම කිඹුල් හූනාගේ ජාන ලබාගෙන දියුණු තත්ත්වයේ කිඹුල් වර්ග බෝකළ හැකිය. එසේත් නැත්නම් කිඹුල් හූනාගේ ජාන ලබාගෙන දියුණු තත්ත්වයේ නව හූනන් වර්ගයක්‌ ලොවට බිහි කළ හැකිය. එවිට එම හූනා ශ්‍රී ලංකාවට ආවේණික සතකු නොවනු ඇත.

හූනන් දෙදෙනා අලෙවි කිරීමට උත්සාහ ගත් තරුණයන් දෙදෙනා මේ කිසිවක්‌ නොදන්නවා ඇත. ඔවුනට අවශ්‍ය මුදල් ය. මිලි මීටර් 200 ක්‌ පමණ තරම් කුඩා හූනකු ලක්‍ෂ 12 ක්‌ වටිනවා යනු එම තැනැත්තාට මැණික්‌ ලැබුණා හා සමානය. එසේත් නැත්නම් ලොතරැයියකින් ලක්‍ෂපති දිනුමක්‌ ලද වාසනාවන්තයකු වැනිය. නමුත් එම වාසනාව උදා කර ගන්නේ අපට ආවේණික සතකු පිටරටට අලෙවි කරමිනි එය නීති විරෝධීය.

කිඹුල් හූනන් මිලදී ගැනීමේ රහස තවම අභිරහසකි. එය හූනු ශාස්‌ත්‍රය දන්නා අයටත් විසඳිය නොහැකි වනු ඇත.

කෙසේ වෙතත් (Gekkonidae) පවුලට අයත් ශ්‍රී ලංකාවේ ජීවත්වන හූනු වර්ග 42 අතරින් 35 වැනි වර්ගයට හිමිකම් කියන කිඹුල් හූනා මේ තරම් වටින්නේ ඇයි දැයි කියා තවම නිවැරැදිව තොරතුරු හෙළි වී නැත. කෙසේ වෙතත් මේ තරම් වටිනා මෙම හූනු වර්ගය රැක ගැනීම අප කාගේත් යුතුකමකි.

අන්තර්ජාලය ඇසුරිනි
උපාලි ද සේරම්

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්