වේදිකාවේ, සිනමාවේ සහ රූපවාහිනියේ අතිදක්‍ෂ රංගවේදිනියක වූ මර්සි එදිරිසිංහ
මහත්මිය අද (17) උදෑසන 6.10 ට අභාවප්‍රාප්ත වූවාය. පසුගිය දින කිහිපයක්
තිස්සේ ඇගේ රෝගී තත්ත්වය බරපතල වන්නට වූයෙන් මර්සි එදිරිසිංහ මහත්මිය ගම්පහ
පිහිටි පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට ඇතුලත් කරණු ලැබුණි.ඉරිදා (16) උදේ ඇයගේ
රෝගී තත්ත්වය තවත් නරක අතට හැරෙමින් හෘදයාබාධයක්ද වැළදුණ බව පවුලේ සමීප
හිතවතකු වූ ජාතික රූපවාහිනී සංස්ථාවේ හඬ දෙකැවීම් අංශ ප්‍රධානි අතුල
රන්සිරිලාල් මහතා පැවසුවේය.
