ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ, ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් නොකර බංග්ලාදේශයට යාමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා පිල හෙට (16) බංග්ලාදේශය කරා පිටත්වයාමට නියමිතය.
ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී
කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් සාධාරණයක්
නොවීම නිසා ක්‍රීඩකයන් මේ තීරණය ගෙන තිබේ.
කෙසේවුවද අප සමඟ ලෝක
කුසලානයට එක්වන ක්‍රීඩකයකු කියා සිටියේ තමා ඇතුළු සහෝදර ක්‍රීඩකයන්ට
සල්ලිවලට වඩා රට වටින බැවින් මේ තීරණයට එළඹි බවයි.
ඔවුන් කියා සිටින්නේ ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර ඇති යෝජනාවලින් තමන් කුලී හේවායන්ගේ තත්ත්වයට ඇද දමා ඇති බවයි.
කෙසේවුවද ක්‍රිකට් ක්‍රීඩකයන් ඉල්ලා සිටින්නේ
අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවනු
ලබන මුදලින් 20% කි.
මේවන විට ඔවුන් අදාල ඉල්ලීම ද තවත් පහල
හෙළමින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට
ගෙවනු ලබන මුදලින් 12%ක් හෝ 10%ක් ලබා දෙන ලෙස ඉල්ලා සිටී.
ක්‍රිකට් ආයතනය සකස්කර ඇති යෝජනා අනුව ඔවුන්ට හිමිවන්නේ 6%ක ප්‍රමාණයක් බව පැවසේ.
මේ අතර, මේ ගැටුමට මැදිහත් වියයුතුම
පාර්ශවයක් වන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය අදාල ප්‍රශ්නය මඟහරිමින් සිටීම
ගැනද ක්‍රීඩකයෝ දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.
