ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් පැවැති අර්බුදය නැවත වරක් නරක අතට හැරෙමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් විසින් කරන ලද ඉල්ලීම්ද සලකා බලමින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගතහොත් ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක්ද (රුපියල් කෝටි 20 ක්)  එක්දින ලෝක ශූරතාව ජයගතහොත් තවත් ඩොලර් මිලියන දෙකක්ද (රුපියල් කෝටි 26.5 ක්) කණ්ඩායම් දීමනා වශයෙන් ගෙවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය එකග විය. එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කේවල් කරමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඊයේ (15 වැනිදා) පස්වරු 5.30 වන තුරුත් අදාළ ගිවිසුමට අත්සන් කර නොතිබූ බව දැනගන්නට තිබේ.

කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම වන්නේ මෙම ගෙවීම් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් සඳහා ඇතුළත් කළ යුතු බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනට හිමිවන මුදලින් 12 % ක් ක්‍රීඩකයන්ට ගෙවිය යුතු බවත්යි.
එහෙත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයද දැඩි ස්ථාවරයක සිටීම නිසා කී‍්‍රඩකයන් ලෝක කුසලාන තරගාවලියේ ගිවිසුම අත්සන් නොකිරීමේ අවදානමක් මතුවී තිබේ.
තත්ත්වය වඩාත් දුරදිග ගියහොත් තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවට වෙනත් කී‍්‍රඩකයකුගේ නායකත්වය යටතේ දෙවැනි පෙළ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට යැවීමේ සාකච්ඡද මේ වන විටත් පැවැත්වෙන එහි උසස් නිලධාරීයෙක්  පැවසීය.
- Lankadeepa

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්