ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව අන්තර්ජාතික විස්සයි20 ක‍්‍රිකට් පිටියෙන් තමන් සමුගන්නා බව ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාර පවසයි. මේ වන විට 36 වැනි වියේ පසු වන සංගක්කාර පවසන්නේ තරුණ ක‍්‍රීඩකයකුට ජාතික කණ්ඩායමේ අවස්ථාව ලබාදීමට මෙම තීරණය ගත් බවත් හිමිකරුවන් සහිත පෞද්ගලික කණ්ඩායම් සදහා තමන් තව දුරටත් විස්සයි20 ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

”කිසිදු සැකයක් නෑ, මේක මගේ අවසන් විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියයි. මම මේ තරගාවලියෙන් පසුව අන්තර්ජාතික විස්සයි20 තරගවලට ක‍්‍රීඩා කරන්නේ නෑ” 
”කණගාටුයි තමා. නමුත් ඒකයි ඇත්ත.. මේක මගේ විස්සයි20 ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අවසානය නොවෙයි. මම කැමතියි හිමිකරුවන් සහිත වෙනත් විස්සයි20 තරගවලට ක‍්‍රීඩා කරන්න. කිසිවකුගේ ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අරමුණ ඉෂ්ඨ වුණාට පස්සේ ඊළග ක‍්‍රීඩකයන් සමූහයට අවස්ථාව දෙන්න ඕනේ, ස්භාවයෙන්ම විය යුත්තේ එයයි” 

යැයි සංගක්කාර වැඩි දුරටත් පැවසීය. සංගක්කාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 2009 වසරේ එංගලන්තයේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අනු ශූරයන් බවට ද පත්විය.

සංගක්කාර මේ වන විට විස්සයි20 අන්තර්ජාතික තරග 50 කට සහභාගි වී අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 1,311 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 32.77 කි. සංගක්කාරගේ විස්සයි20 ලකුණු රැස්කිරීමේ වේගය පන්දු 100 කට ලකුණු 120.82 කි. සංගක්කාර ලෝක විස්සයි20 ක‍්‍රිකට් පිටියේ සිවුවැනි වැඩිම ලකුණු ලාභියා වන අතර බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය) තරග 63 කදී ලකුණු 1,959, මහේල ජයවර්ධන තරග 49 කදී ලකුණු 1,335 සහ තිලකරත්න ඩිල්ෂාන් තරග 55 කදී ලකුණු 1320, සංගක්කාරට ඉදිරියෙන් සිටිති. 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්