ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මන්නා පිහියකින් ගෙල කපා බිරිඳ අමානුෂික ලෙස මරා දැමූ නීතිඥවරයකුට හම්බන්තොට මහාධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම ඊයේ අනුමත කළ අභියාචනාධිකරණය 2008.03.27 දා දුන් එම නඩු තීන්දුවට එරෙහිව ඔහු ගොනු කර තිබූ ඇපෑල ද නිෂ්ප්‍රභ කළේය.

විත්තිකරු වලස්‌මුල්ල හල්මිල්ලකෙටිය පදිංචි කට්‌ටඩිගේ අමරසේන නමැති අයෙකි. සරත් ද ආබෲ සහ එච්. නලින් ඡේ. පෙරේරා යන විනිසුරු මඬුල්ල හමුවේ ඇපෑල විභාග විය. පැමිණිල්ලේ සඳහන් අන්දමට මෙම මිනීමැරුමට මුල්වී ඇත්තේ විත්තිකරුගේ බිරිඳ රියෑදුරු සමග ඇති කර ගත් අනියම් සම්බන්ධයකි.

ඒ වන විට වලස්‌මුල්ල උසාවියේ නඩුවලට පෙනී සිටි ඔහු එම සිද්ධිය නිසා නීතිඥ වෘත්තිය අත්හැර වතු අධිකාරියකු වශයෙන් රැකියාවක්‌ සොයාගෙන ඇත. මේ සිද්ධිය නිසා දෙදෙනා අතර නිතර අඬදබර හටගෙන ඇත. ඒ අනියම් සම්බන්ධය ඇය දිගට පවත්වාගෙන ගිය නිසා ඔහු ඇගේ නමට මිද්දෙණිය නගරයෙන් මිලදී ගෙන තිබූ ඉඩම ඔහුගේ මවට පවරා ඇත. ඒ ගැන උරණ වූ බිරිඳ වංචනික ලෙස ඉඩම පවරාදී ඇති බවට සැක කර ඔහුට එරෙහිව පැමිණිල්ලක්‌ කිරීමට පොලිසියට ගොස්‌ ඇත.

 විත්තිකරු ද එදා පොලිසියට ගොස්‌ පැමිණිල්ල නොකරන ලෙස ඇගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා ඇති නමුත් "උඹ කොහොම හරි හිරේට යවල තමයි පස්‌ස බලන්නෙ" යෑයි කියමින් ඔහුගේ ඉල්ලීම තරයේ ප්‍රතික්‍ෂේප කර ඇත. ඊට පසු පොලිසියෙන් පිටතට ගිය විත්තිකරු මන්නා පිහියක්‌ මිලදී ගෙනවිත් සැඟවී සිට පොලිසියෙන් එළියට පැමිණි විට ඇගේ බෙල්ලට පිහි පාරවල් කීපයක්‌ එල්ල කර ඇත. ඇය ලේ විලක්‌ මැද පිරිමි දරුවාගේ ඇඟ මතට වැටී ඇති අතර ඔහු පිහිය බිම දමා පොලිසියට ගොස්‌
"මම ඒකි මැරුවා එල්ලුම් ගස්‌ ගියත් කමක්‌ නැහැ"යි පවසමින් බාර වී ඇත.

විත්තිකරු බිරිඳ ඝාතනය කළ බව නඩු විභාගයේදී පිළිගත් නමුත් නිදහසට කරුණක්‌ වශයෙන් කියා සිටියේ බිරිඳ රියෑදුරු සමග අනියම් සම්බන්ධයක්‌ ඇතිකර ගැනීමෙන් පසුව ඇතිවූ සිද්ධීන් ගණනාවක්‌ නිසා අධික ලෙස කෝපයට පත්ව සිටි තමාට තමාව පාලනය කර ගත නොහැකිව මරණය සිදු කළ බවය. එනිසා සාවද්‍ය මිනීමැරුමට නොව අනියම් මිනීමැරුමට වරදකරු කොට සිර දඬුවමක්‌ නියම කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඇපෑල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති සරත් ද ආබෲ මහතා නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි දීර්ඝ ලෙස විශ්ලේෂණය කරමින් සඳහන් කළේ විත්තිකරු සිය බිරිඳ ඝාතනය කිරීමටක්‌ පෙර හා පසුව හැසිරී ඇති ආකාරය ගැන සලකා බලන විට හදිසියේ ඇතිවූ කෝපය උඩ නොව පෙර සැලසුමක්‌ අනුව බිරිඳ මරා දමා ඇති බවය. ඒ අනුව හම්බන්තොට මහාධිකරණය දුන් දඬුවමට හා නඩු තීන්දුව අනුමත කරන බවද ආබෲ විනිසුරුතුමාගේ නීතිඥ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අධිනීතිඥ සාලිය පීරිස්‌ මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටියේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්