2009 මැයි 17දා ලැබූ යුධ ජයග්‍රහණය සිහිපත් කිරීම සඳහා නම් තබා තිබු
"දිනුදා" නැමැති අලි පැටවා දකුණු කොරියාවට යැවීම ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාගේ නියමයෙන් නතර කර තිබේ.
මෙම ඇත් පැටවා කොරියාවට ලබා දීමට තිරණය කර ඇති බවට හිටපු වනජීවී අමාත්‍ය සහ වත්මන් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණි.
ඒ අනුව ඒ පිළිබද කරුණු සොයා බැලු ජනාධිපතිවරයා අලි පැටවා දකුණු කොරියාවට යැවීම වහා නතර කරන ලෙස නියෝග කර ඇති බව එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් "දිනුදා" වෙනුවට වෙනත් ඇත් පැටවෙකු දකුණු කොරියාවට යැවීමට නියමිත බව ද වාර්තා වේ.
පින්නවල අලි අනාථාගාරයේ දී එම අලි පැටවා උපත ලබා තිබුණි.
රටට ඉතාමත් සුවිශේෂී දිනයක් ලෙස සැලකෙන යුද ජයග්‍රහණය ලැබූ 2009 මැයි (17) දිනයේ දී “දැය දිනූ දිනය” නම් අරුත සිහි ගැන්වෙන අයුරින් මෙම අලි පැටවාට නම් තැබීම සිදුකෙරිණ.