ශ්‍රී ලංකාව සම්බන්ධව ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ඊයේ (27) ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සභා සම්මත විය. යෝජනාවට පක්ෂව රටවල් 23 ක් ඡන්දය භාවිත කළ අතර විපක්ෂව රටවල් 12 ක් ඡන්දය භාවිත කළහ.
මෙහිදී කවුන්සිලයට අයත් රටවල් 47 න් රටවල් 12 ක්ම ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මෙහිදී ඉන්දියාවද ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂ සිදුවීමක් විය.
මෙහිදී රුසියාව , චීනය , පාකිස්ථානය , කියුබාව , වෙනිසියුලාව , වියට්නාමය ආදී ප්‍රබල රටවල් ශ්‍රී ලංකාවට සහය පළ කරමින් යෝජනාවලියට විපක්ෂව ඡන්දය භාවිත කළහ.
අවසන් මොහොත දක්වාම තම මතය හෙළි දරව් කිරීමෙන් වැළකී සිටි ඉන්දියාව මෙහිදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම දේශපාලන නිරීක්ෂකයින්ගේ මවිතයට හේතු විය.
යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමට පෙර ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතා අදහස් දැක්වූ ඉන්දීය නියෝජිතවරයා ප්‍රකාශ කළේ මෙම යෝජනාව අවිධිමත් හා ප්‍රායෝගික නොවන යෝජනාවක් බවයි.
ඉන්දීය නියෝජිත තානාපති දිලිප් සින්නා මහතා මෙසේ මෙම යෝජනාවලිය විවේචනය කරලීම කාගේත් මවිතයට හේතු විය. ශ්‍රී ලංකාව කෙටි කලක් තුළ ලබාගෙන ඇති ප්‍රගතිය අගය කළ යුතු බවද මෙහිදී ඉන්දීය නියෝජිතයා අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ සමගි සන්ධානය , වගවීම හා මානව ක්‍රියාවලිය උදෙසා යැයි කියමින් ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.
ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව අභ්‍යන්තරික වශයෙන් අර්බුද රැසකට මුහුණ දුන් රටක් බවත් , එම අර්බුදවලින් මිදුණු රටක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් උද්ගතව නැති බවත්, ආරියසිංහ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.
මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක ස්වෛරීභාවයට හා නිදහසට කළ දැඩි බලපෑමක් බවද ආරියසිංහ මහතා ප්‍රකාශ කළේය.
එසේම මෙම යෝජනාවලිය ජාත්‍යන්තර නීති හා ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් බව රුසියාව චීනය හා කියුබාව ඇතුළු ශ්‍රී ලංකාවේ මිතුරු රටවල් මානව හිමිකම් කවුන්සිලයේ දී අවධාරණය කළහ.
මෙම යෝජනාවලිය කවුන්සිලය වෙත ගෙන ඒමේ දී ද මතභේදකාරී තත්ත්වයක් උද්ගත වූ අතර පාකිස්තානය එහිදී ප්‍රකාශ කර සිටියේ මෙම යෝජනාවලිය කල්දැමිය යුතු බවයි.
කෙසේ වෙතත් ඒ සඳහාද අවසානයේ ඡන්ද විමසීමක් සිදු කළ අතර එම ඡන්ද විමසීමෙන් අනතුරුව යෝජනාවලිය සභාවට ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකාව තුළ සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධව , ජගත් මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මෙම යෝජනාවලිය හරහා මූලික ලෙස අවධාරණය කර ඇත.
මෙහිදී යෝජනාව ඉදිරිපත් කළ හා ඊට පක්ෂව ඡන්දය දුන් ඇමරිකාව ඇතුළු රටවල් හා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස් ප්‍රකාශ කර සිටියේ මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ක්‍රියාත්මක කළ පරීක්ෂණ අසාර්ථක වීම හේතුවෙන් මෙසේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීම වැදගත් බවයි. යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ රටවල් ආර්ජන්ටිනාව, ඔස්ට්‍රියාව , වෙනින් , බොට්ස්වානාව , බ්‍රසීලය , චිලී , කොස්ටරිකා , කොටේඩි අයිවරි , චෙක් ජනරජය , එස්තෝනියාව, ප්‍රංශය , ජර්මනිය , අයර්ලන්තය , ඉතාලිය , මෙක්සිකෝ , මොන්ටෙහෙගේරා් , පේරු , කොරියාව , රොමේනියාව , සියරා ලියොන් , පැරණි යුගෝස්ලාවියාව , (මැසිඩෝනියා ජනරජය), බ්‍රිතාන්‍ය , ඇමරිකාව
යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල් ඇල්ජීරියාව, චීනය, කොන්ගෝ , කියුබාව , කෙන්යාව , මාලදිවයින , පාකිස්තානය , රුසියාව , සවුදි අරාබිය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වෙනිසියුලාව, වියට්නාමය. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් බුර්කිනා නෙයෝ ඉතියෝපියා, නාබන්, ඉන්දියාව , ඉන්දුනීසියාව , ජපානය , කසකස්ථානය , කුවේට් , මොරොක්කෝ , නැම්බියාව , පිලිපීනය , දකුණු අප්‍රිකාව