එළැඹෙන හත්වැනි ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලියට සහභාගී වීම, එහි ක්‍රීඩා කරන
කණ්ඩායම් දෙකකට තහනම් වී තිබෙනවා. මෙලෙස තහනම් වී ඇත්තේ චෙන්නායි සුපර්
කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් දෙකය. මෙම කණ්ඩායම් දෙක මෙවර
IPL තරගවලියට සහභාගීවීම වැළැක්වීමේ නියෝගයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්
අද (27) ලබාදී තිබෙනවා.
පසුගිය IPL තරඟාවලියේදී මුදලට තරඟ පාවාදීම් සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් පිළිබඳව චෙන්නායි සුපර් කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් වලට චෝදනා එල්ලවිය. මේ අතර එන් ශ්‍රී නිවාසන් මහතා ඉවත්වීමෙන් පුරප්පාඩුවන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ධූරය සඳහා සුනිල් ගවස්කාර් මහතා පත්කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර තිබෙනවා.
එන් ශ්‍රීනිවාසන් මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අඟරුවාදා (25) ඉල්ලීමක් කළේය. ශ්‍රීනිවාසන් මහතා ගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන් සූදු කරුවන්ට අයථා ලෙස තොරතුරු සපයා ඇති බවට චෝදනා ලැබූවෙකි.